SKIP TO MAIN CONTENT

කටුනායක ගුවන් තොටේ කටාර් රියාල් මාරු කිරීම අත් හිටුවයි.

Currency Exchange
Source: BIA

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

නැවත දැනුම් දෙන තුරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේසියලු රාජ්‍ය හා පුද්ගලික බැංකු ශාඛාවල කටාර් රියාල් මුදල් හුවමාරු නොකරන බව ගුවන්තොටුපල කළමනාකාරීත්වය පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නියෝගයකට අනුව මෙසේ ක්‍රියාත්මක  වන බව ගුවන්තොටුපොළේ කාර්යයෙහි නියුතු කළමණාකරු පැවසීය.

කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට අනුබල  ආධාර  සපයන බවට මැද පෙරදිග කලාපයේ රටවල් 7ක් කටාර් රාජ්‍යත් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හිටුවීමේ තීරණයෙන් පසුව  ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේවෙතත්, Doha  සහ කටුනායක අතර කිසිදු ගුවන් ගමනක් මේ වන තෙක් අවලංගු කර නොමැති බවද ගුවන්තොටුපල කළමනාකාරීත්වය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now