SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහ නා හිමිවරු කියති.

Sri Lanka Politics
Source: Sri Lanka Mirror

1 min read

Published

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නොමැති බව ත්‍රෛනිකායික මහ නා හිමිවරු ඊයේ (04/07) නිවේදනය කළහ.

මීට අමතරව සයිටම් අර්බදයට ඉක්මනින් විසඳුමක් ලබා දෙන ලෙස ද මහ නාහිමිවරු ඉල්ලා සිටිති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකිරීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්මත කර රජයට ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (04/07) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුවේදී මෙම තීරණවලට එළඹී බව වාර්තා වේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම නතර කිරීම ,සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳීම සහ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම කල් දැමීම යන කරුණු තුන රජයට ඉදිරිපත් කිරීමට එම සංඝ සමුළුවේදී තීන්දු වී තිබේ.

මෙම තීන්දූ හෙට (06/07) දිනයේදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී බාරදීමට ද නියමිත බවද සඳහන්.

මීට අමතරව ජාතික ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනතාවට ඇති වී තිබෙන අසාධාරණය පිළිබඳව ද එම සංඝ සමුළුවේදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.

රටතුළ ඇතිවෙමින් පවතින ජාතික ආගමික ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී ඇති වී තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධව ද එහිදි අවධානය යොමුව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now