"ඇමරිකාව රැකවරණ සලසන Manus සරණාගත රැදවියන් සංඛ්‍යාව තවමත් ස්ථිර නැහැ" - සංක්‍රමණ කටයුතු අමාත්‍ය Peter Dutton

Manus Island and Peter Dutton

Source: AAP

මේ වසරේ  ඔක්තෝබර් මස 31දා  මානුස්  සරණාගත රැදවුම් මධ්‍යස්ථානය වසා  දමන බව සංක්‍රමණ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතා පවසයි. නමුත් එම කිසිදු රැදවියෙක් ඕස්ට්‍රේලියාවට රැගෙන ඒමේ සැලසුමක් නැති බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

 

මීට  පෙර වාර්තා වූ ආකාරයට මෙම සරණාගතයින්ගෙන් පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයට පිටත් කර හැරීමට නියමිත අතර අනෙක් පිරිස PNG හී  පදිංචි කිරීමට නියමිත බව වාර්තා සංක්‍රමණ කටයුතු අමාත්‍ය වරයා සදහන් කරයි. සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් රජයට කොයිතරම් පීඩනයක් එල්ල කලද එම සරණාගතයින් ඕස්ට්‍රේලියාවේ පදිංචි නොකරන බව  සංක්‍රමණ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් වැඩි දුරටත් සදහන් කරයි. තවද එම සරණාගත රැකවරණ හිමි නොවිය යුතු අය  ලෙස හදුනා ගත්  අය  නැවතත් ඔවුන්ගේ මවු රටවලට පිටත් කර යවන බවද අමත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරයි.

 

මෙම සරණගත රැදවියන් හට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාව ලබා දීමට කටයුතු කළහොත් , මිනිස් ජාවාරම් සදහා නැවතත් දොර විවර කර දෙන බව සංක්‍රමණ කටයුතු අමාත්‍යවරයා පවසයි.

 

යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට  සරණාගතයින් පැමිණීමේ අවධානම තවමත් පවතින බවත්, මිනිස් ජිවිත දියේ ගිලී  නැතිවෙනවා දකින්නට තමන්ට අනවශ්‍ය බවත් මෙහිදී අමත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. මේ නිසා Naru සරණාගත රැදවුම් මධ්‍යස්ථානය තව දුරටත් ක්‍රියාත්මක වන බව සදහන්.

 

PNG හී  සිටින සරණාගත රැදවියන් අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ අය  තීරණය කිරීම සදහා ඕස්ට්‍රේලියානු රජය, PNG රජය සහ ඇමරිකානු Homeland Security ආයතනය සමගින් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය පීටර් ඩටන් පවසයි. නමුත් මෙලෙස ඇමරිකාව රැකවරණ සලසන සරණාගතයින් සංඛ්‍යාව පිලිබදව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද අමත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

 

පසුගිය Kevin Rudd කම්කරු රජය පැවති  වකවානුවේ ඇති වූ ගිවිසුමකට අනුව ඇමරිකා එක්සත් ජනපදය රැකවරණ සලසන්නේ නැති සරණාගතයින් හට රැකවරණ සැලසීමට PNG රජය බැදී සිටින බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

 

මේ වන විටත් සරණාගතයින් 36 දෙනෙකු මෙලෙස PNG හී  පදිංචි කර ඇති බව සදහන්. තවද සරණාගත රැකවරණ හිමිවිය යුතු ලෙස මෙලෙස හදුනා ගන්නා අය කාම්බෝජයේ ද පදිංචි කල හැකි බව සංක්‍රමණ කටයුතු අමාත්‍ය පීටර් ඩටන්  පවසයි.

 

මේ අතර මානුස්  හි සිටින සරණාගත රැදවියන් 1250කට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණ හිමිවීමට ඉඩ ඇති බවත් ඒසදහා තම සහාය  පලකරන බවත් කම්කරු පක්ෂය ප්‍රකාශ කර තිබේ. නමුත් ඉතිරිවන සිය ගණනක් වූ සරණාගතයින්ගේ අනාගතය පිලිබදව ඕස්ට්‍රේලියානු රජයේ ස්ථාවරය ප්‍රසිද්ධියට පත් කරන ලෙස කම්කරු පක්ෂයේ සංක්‍රමණ කටයුතු පිළිබද ප්‍රකාශක Shayne Neumann රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඔක්තෝබර් මාසයේ රජය Manus රැදවුම් මධ්‍යස්ථානය වසා  දැමීමෙන් පසුව ඉතිරිවන සරණාගතයින් හට ඕස්ට්‍රේලියානු රජය සපයන සහන පිලිබදව කරුණු ප්‍රකාශයට පත් කිරීම වැදගත් බව ඔහු පවසයි.

 

 ඇමරිකා එක්සත් ජනපදය තුල සරණාගතයින්  පදිංචි කරවීමට අමතරව අනෙකුත් සරණාගතයින් නැවත පදිංචි කරවීමේ අවස්ථාවන් පිලිබදව ටර්න්බුල් රජය  කිසිදු පියවරක් නොගන්නා  බවට රජයට විපක්ෂය චෝදනා එල්ල කරයි.

 

 


Share

Published

Updated

Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service