කොරෝනා නිසා 2020 IPL තරගාවලිය ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

IPL

Source: BCCI

කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති 2020 IPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ ඉල්ලීම අනුමත කළ නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ලෝකයම අක්‍රියවී ඇති කාලයක 2020 IPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නිෂ්ඵල කටයුත්තක් බව ඔවුහු පවසති.

මාර්තු 29 සිට මැයි 24 දක්වා මෙවර IPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඉන්දියාව පුරා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතියත් සමග එය කල් දැමීමට සංවිධාකයින්ට සිදු විය.

ඒ අනුව එය අප්‍රේල් මස 15 වන දින ආරම්භ කිරීමට සැලසුම් කෙරිණි.

නමුත් මේ වන විටත් ඉන්දියාවේ ඇති තත්ත්වය එතරම් යහපත් නොවන බැවින් 2020 IPL ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිළිබඳ බරපතල අර්බුදයකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ පා සිටියි.

එවන් පසුබිමක 2020 IPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැමති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවට දන්වා තිබේ.

ඉන්දියාවට පෙර කොරෝනා වසංගතය පාලනය කිරීම ශ්‍රී ලංකාවට කළ හැකි බවක් පෙනෙන්නට ඇති බැවින් මෙවර  IPL ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට යෝජනා කළ බව පසුගිය සතියේදී වාර්තා විය.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now