"ඉදිරි දේශපාලනයට මට ශක්තිය මදි", බල ලෝභී දේශපාලකයින්ට අතුල් පහරක් දෙමින් නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වෙයි

"ඉදිරි අවුරුදු හතරට දේශපාලන නායකත්වයක් ගන්න මගේ ශක්තිය මදි බව දැන දැනත් මම යළි මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඒක නවසීලන්තයට කරන අගෞරවයක්." Ardern මහත්මිය තම සමුගැනීමේ හේතුව එලෙස පැහැදිලි කළාය.

A woman speaking into a microphone

New Zealand Prime Minister Jacinda Ardern says she has "no regrets", saying she achieved what she set out to do as prime minister. Source: Getty / AFP

2023 වසර ආරම්භයේ නවසීලන්තය මෙන්ම ලෝක දේශපාලනය පුදුම කරවන පුවතක් අද (ජනවාරි 19) අසන්නට ලැබුණි.

නවසීලන්ත අගමැතිනි Jacinda Ardern ඉදිරි මාසය තුළ දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කිරීම එම පුවත විය.
නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමට තමාට ශක්තියක් නොමැති බව පවසමින් ඇය තම සමුගැනීම නිවේදනය කළාය.

"අගමැතිගේ වගකීම සහ කාර්යය මොකද්ද කියල මම දන්නවා, ඊට සාධාරණයක් කිරීමට තවදුරටත් මගේ ශක්තිය ප්‍රමාණවත් නොවන බවත් මම දන්නවා," යනුවෙන් ඇය මාධ්‍ය හමුවේ පැවසුවාය.
පසුගිය වසරවල නවසීලන්තය ප්‍රමුඛ තම රජය මුහුණ දුන් අභියෝගය එම ශක්ති ප්‍රමාණය ගෙන ඇති බව ඇය පැවසුවාය.

"ඉදිරි අවුරුදු හතරට දේශපාලන නායකත්වයක් ගන්න මගේ ශක්තිය මදි බව දැන දැනත් මම යළි මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඒක නවසීලන්තයට කරන අගෞරවයක්." Ardern මහත්මිය තම සමුගැනීමේ හේතුව එලෙස පැහැදිලි කළාය.

————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නවසීලන්ත අගමැතිනි Jacinda Ardern නියෝජනය කරන්නේ නවසීලන්තයේ කම්කරු පක්ෂයය.

මේ සති අන්තයේදී කම්කරු පක්ෂය නව නායකයෙකු තෝරා පත් කර ගනු ඇති නමුත් නියෝජ්‍ය අගමැති Grant Robertson ඒ සඳහා අපේක්ෂකයෙකු නොවන බව Jacinda Ardern පැවසුවාය.
"මම තීරණයක් ගතහොත් පසුව මගේ මනස වෙනස් නොවන බව මම දන්නවා, මගේ පවුලේ ඇතැම් සාමාජිකයින් තවත් කාලයක් දේශපාලනයේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියා." යනුවෙන්ද නවසීලන්ත අගමැතිනිය මාධ්‍ය ඉදිරියේ කියා සිටියාය.

නවසීලන්තයේ මැතිවරණය එළඹෙන ඔක්තෝබර් 14 වනදා සිදු කරන බවට ඇය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් එම ප්‍රකාශය සමගම තමන් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් ඇය සියලු දෙනා කම්පනයට පත් කළාය

නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කිරීමට බලාපොරොත්තු වූ දේ ඉටු කළ බවත් මෙම සමුගැනීම පිළිබඳ තමාට "කිසිදු පසුතැවිල්ලක්" නොමැති බවත් ඇය පැවසුවාය.
නවසීලන්ත අගමැතිනියගේ මෙම ප්‍රකාශය සමග ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ට්විටර් සටහනක් සමඟ සිය සංවේදනය සහ උපහාරය ඇය වෙත දැක්වීය.

"සංවේදනය සහ තීක්ෂ්ණ බුද්ධිය ප්‍රබල නායකත්ව ගුණාංග බව ඇය පෙන්නුම් කළා. Jacinda නවසීලන්තය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නියක්, බොහෝ දෙනෙකුට ඇය ආදර්ශයක්, ඒවගේම මට ඇය හොඳ මිතුරියක්", ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නවසීලන්ත අගමැතිනිය පිළිබඳ සටහන් කළේය.
නවසීලනත්ය Maori නායකයෙකු සඳහා සූදානම් දැයි ඇසූ විට ඇයගෙන් පසු අගමැති භූමිකාවට එන්නේ කවුරුන්දැයි Ardern අනුමාන නොකරයි.

අගමැති භූමිකාවේ තමාට වඩාත් මතක කුමක් දැයි ඇසූ විට, ඇය පැවසුවේ සෑම විටම කරුණාවන්ත වීමට උත්සාහ කළ අයෙකු, අවංක අයෙකු සහ දැඩි කැමැත්තකින් කටයුතු කළ පුද්ගලයෙකු ලෙස තමන් තමන් ගැන සිහිපත් කිරීමට කැමති බවය.
Jacinda Ardern walking with her family.
New Zealand Prime Minister Jacinda Ardern arrives with her husband Clarke Gayford and daughter Neve for the Queen's State Memorial Service at the Cathedral of St Paul in Wellington, New Zealand, Monday, 26 September, 2022. Source: AAP / Mark Mitchell

Ardern ගේ පවුල

Jacinda Ardern ගේ සහකරු Clarke Gayford වන අතර ඔවුන්ට Neve නමින් සිව් හැවිරිදි දියණියක් සිටියි.

අගමැති ධුරයේ සිටියදී දරුවෙකු හට උපත ලබාදුන් ලොව දෙවන රාජ්‍ය නායිකාව බවට නවසීලන්ත අගමැතිනි Jacinda Ardern පත්වූවාය.

ලොව පළමු වරට එම අත්දැකීමට මුහුණ දුන්නේ පාකිස්තාන අගමැතිනි Benazir Bhutto ය.

Jacinda Ardern නවසීලන්ත අගමැතිනිය ලෙස 2017 දී පත්වූයේ ඇයට වයස අවුරුදු 37 දීය.

ඒ අනුව ලොව ලාබාලතම කාන්තා රාජ්‍ය නායිකාව බවට ඇය පත්වූයේ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් ද තබමිනි.
කම්කරු පක්ෂයේ නීතිරීති යටතේ, එළඹෙන ඉරිදා ඡන්දයේදී කම්කරු පක්ෂ නායකත්වය සඳහා අපේක්ෂකයෙකුට දේශපාලන බල මණ්ඩලයෙන් තුනෙන් දෙකක් සහාය දිය යුතුය, නැතහොත් නායකත්ව තරඟය පක්ෂයේ පුළුල් සාමාජිකයින්ට විවෘත වනු ඇත.


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service