Facebook හිමි Meta සමාගම විසින් හඳුන්වා දුන් නවතම සමාජ ජාල platform එක ලෙස ‘Threads’ App එක හඳුන්වා දිය හැකිය.
Elon Musk විසින් පසුගිය වසරේදී මිලදී ගත් Twitter සඳහා විකල්ප App එකක් ලෙස Meta සමාගම මෙම ‘Threads’ හඳුන්වා දී තිබේ.
මෙය දියත් කර පළමු පැය 7 තුල මිලියන 10ක පමණ පිරිසක් සහ පළමු දින තුළ මිලියන 30 ක් පමණ පිරිසක් Threads ගිණුම් ආරම්භ කළ බව Meta සමාගම පවසා තිබේ.
නමුත් දැන් Threads ගිණුම් සම්බන්ධ විශාල ගැටළුවක් මතුවී තිබේ.
Threads ගිණුම මැකුවොත් Instagram ගිණුමත් මැකෙනවා
මේ අදියරේදී ඔබගේ Threads ගිණුම මකා දැමීමට සිතනවානම් ඔබට ඔබේ Instagram ගිණුමද ඒ සඳහා මකා දැමීමට සිදුවන බව පැවසේ.
පරිශීලකයින්ට ඔවුන්ගේ Instagram ගිණුම භාවිතා කිරීමෙන් Threads වලට log විය හැකිය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් ලියාපදිංචි වූ පසු, ඊට සම්බන්ධිත Instagram ගිණුම මකා දැමීමෙන් තොරව Threads ගිණුම මකා දැමීමට ක්‍රමයක් නැත, නමුත් අනාගතයේදී එය වෙනස් විය හැකි බවටද වාර්තා වේ.
"Threads බලගන්වන්නේ Instagram විසිනි, එනිසා දැන් එය එක් ගිණුමක් පමණි, නමුත් අපි ඔබගේ Threads ගිණුම වෙන වෙනම මකා දැමිය හැකි ක්‍රමයක් සොයමින් සිටිමු" යනුවෙන් Instagram ප්‍රධානියා Adam Mosseri නව Threads App එක පිළිබඳ සටහනක් ලියා ඇත.
Threads ගිණුමක් නිර්මාණය කිරීම නැවත්වීමට මෙම ගැටලුව ප්‍රමාණවත් යැයි ඇතැම්හු පැවසුහ.
"මම Threads ගිණුමක් හදන්න යන්නේ, නමුත් ඔබට ඔබේ Instagram ගිණුම මකන්නේ නම් මිස ඔබට එය මකා දැමිය නොහැකි බව මට දැනගන්නට ලැබුණා" එක් පුද්ගලයෙක් Twitter හි පණිවිඩයක ලිවීය.
"ඔබේ Threads ගිණුම සහ දත්ත මකා දැමීමට ඔබේ Instagram ගිණුම මකා දැමිය යුතු බවට දැනගැනීමෙන් පසු මම එය download කිරීමේ අදහස අතහැරියා." තවත් අයෙක් පැවසීය.
Threads ගිණුම් අක්‍රිය කළ හැකි බවත්, එමඟින් profile සහ හුවමාරු කරගත් ඕනෑම අන්තර්ගතයක් සැඟවිය හැකි බවත් Instagram ප්‍රධානි Adam Mosseri පැවසීය.
නමුත් ඔබ නැවත එයට log වුවහොත් ගිණුම නැවත සක්‍රිය වේ.
Apple's App Store සහ Google's Play Store යන Apps බාගත කළ හැකි App Store දෙකෙන්ම රටවල් 100කට වැඩි ගණනක Threads බාගත කළ හැකි බව, Threads සහ Instagram හි මව් සමාගම වන Meta සමාගම පවසයි.

Threads ගිණුමක් අක්‍රිය කරන්නේ කෙසේද?
- ඔබගේ profile page එකේ සිටින විට, settings වෙත යාම සඳහා ඉහළ දකුණේ ඇති රේඛා දෙක Tap කරන්න.
- Tap "account".
- "Deactivate profile" Tap කර පසුව "Deactivate Threads profile" Tap කරන්න.

