උතුරු කොරියාවේ ඊළඟ මිසයිලය ඔස්ට්‍රේලියාවට විය හැකියි: ආරක්ෂක ප්‍රධානියෙකුගෙන් අනතුරු ඇඟවීමක්.

North Korea could 'within months' develop missile capable of reaching Australia.

Source: KCNA via KNS

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර මිසයිල ගැටුමට ඔස්ට්‍රේලියවද මැදිහත්වීමෙන් උතුරු කොරියාවේ මීළඟ ඉලක්කය ඔස්ට්‍රේලියාව විය හැකි බවත් අන්තර් මහද්වීපික මිසයිලයක් මාස කිහිපයකින් නිම කර ඔස්ට්‍රේලියාවට ප්‍රහාරයක් එල්ල කිරීමට උතුරු කොරියාවට හැකි බවත් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක ප්‍රවීණයෙකු පවසා තිබේ.

පසුගියදා උතුරු කොරියාව විසින් අත්හදා බැලූ අන්තර් මහද්වීපික මිසයිලයේ අදාළ ඉලක්කයට ස්ථානගත කිරීමේ සුළු සුළු අඩුපාඩු කිහිපයක් පවතින නමුත් ඔවුන්ට ඒවා මාස කිහිපයක් ඇතුළත නිවැරදි කරගැනීමේ හැකියාවක් ඇති බවත් එසේ වුවහොත් ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමට උතුරු කොරියාවට හැකි බවත් ඔස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ ආචාර්ය Malcolm Davis පවසයි.

උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang සිට උතුරු ඔස්ට්‍රේලියාවේ Darwin වෙත ඇත්තේ කිලෝමීටර් 5,747 ක දුර ප්‍රමාණයක් බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම Cairns සහ Townsville නගර වල සිට උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang පිහිටා ඇත්තේ කිලෝමීටර් 7,000 කටත් වඩා අඩු දුරකින් බවත් මේ නගර වල ජනගහනය ලක්ෂයකට වඩා අධික බවත් ඒවා සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන ස්ථාන බවත් හෙතෙම පැහැදිලි කළේය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

උතුරු කොරියාවේ ඊළඟ මිසයිලය ඔස්ට්‍රේලියාවට විය හැකියි: ආරක්ෂක ප්‍රධානියෙකුගෙන් අනතුරු ඇඟවීමක්. | SBS Sinhala