SKIP TO MAIN CONTENT

උතුරු කොරියාව ජපානයට උඩින් තවත් මිසයිලයක් යවයි.

North Korea fires another missile over Japan.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

උතුරු කොරියාව විසින් නැවත වරක් ජපානයට ඉහළින් තවත් දිගු දුර මිසයිලයක් අත්හදා බලා තිබේ.

උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang හි සිට එල්ල කරන ලද මෙම මිසයිලය ජපානයේ උතුරු දිවයිනක් වන Hokkaido ආසන්න පැසිෆික් සාගරයට පතිත වී ඇත.

මෙම මිසයිලය ජපානයේ වේලාවෙන් අද (15/09) පෙරවරු 6:57 ට හෙවත් ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 7:57 ට දියත් කර ඇති අතර කිලෝමීටර් 2000 ක් පමණ දුරකට දිව ගිය බව වාර්තා වේ.

කෙසේවෙතත්, උතුරු කොරියාව නොකඩවා සිදු කරන මෙම හිතුවක්කාරී ක්‍රියා ජපානය දැඩි ලෙස හෙළා දැක ඇති බවද වාර්තා වේ.

මේ අතර උතුරු කොරියාවේ මෙම හිතුවක්කාරී ක්‍රියාවන් ට එරෙහිව චීනය සහ රුසියාව වහාම පියවර ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම් Rex Tillerson පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now