SKIP TO MAIN CONTENT

උතුරු කොරියාව අගෝස්තු මැදදී මිසයිල 4 කින් ඇමෙරිකාවට සලකන්න යයි.

North Korea may attack US by four missiles.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ දූපතක් වන ගුවාම් වෙත මැදි දුර මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පූර්ණ සැලැස්මක් තමන්ට ඇති බව උතුරු කොරියාව පවසයි.

මෙම ප්‍රහාරය අගෝස්තු මස මැද භාගය වන විට දියත් කිරීමට හැකි බවත් ඒ සඳහා මිසයිල 4ක් ප්‍රමාණවත් බවත් ඔවුන් පවසයි.

මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසා ඇත්තේ ඇමෙරිකානු න්‍යෂ්ඨික යුද ගබඩා වෙනදාටත් වඩා බලවත් බවයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්  Rex Tillerson, ගුවාම් දූපතට ගොඩබැස "උතුරු කොරියාවෙන් ළඟ දිනයකදී තර්ජනයක් නොමැති හෙයින් ඇමෙරිකානුවන් ආරක්ෂා සහිතයි" යනුවෙන් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් වශයෙන් උතුරු කොරියාව මෙසේ තර්ජනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත.

ගුවාම් යනු ඇමෙරිකාවේ යුද උපායමාර්ගික ස්ථානයක්  වන අතර ඇමෙරිකාවට අයත් ප්‍රහාරක යානා රඳවා ඇති කඳවුරක් ද ගුවාම් හි ස්ථාපිත කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now