SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ "කාල් වින්සන්" යුධ නෞකාවට පහර දීමට උතුරු කොරියාව සූදානම් වෙයි.

USS Carl Vinson
Source: ABC Australia

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය  නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන  කාල් වින්සන් යුධ නෞකාව මුහුදුබත් කිරීමට සූදානම් බව උතුරු කොරියාව පවසයි.

උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා ඇමෙරිකාවේ  කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මෙම ප්‍රකශය සිදු කර ඇත.

මේ අතර කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් වලට කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙන බවද වාර්තා වේ.

කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් මේ වන විට රැඳී සිටින ඉසව්ව පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළද ඔවුන් ඉතාම ඉක්මනින් එහි ළඟා වනු ඇති බව ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළේය.

“අපේ විමුක්ති හමුදාවන් සටනට සූදානම්. අවශ්‍ය වුණොත් ඇමෙරිකාවේ  කාල් වින්සන් නෞකාව එක ප්‍රහාරයකින් ගිල්වා දමන්න අපි සූදානම්“ යයි උතුරු කොරියානු පාලක පක්ෂයේ පුවත් පතක් ප්‍රකශ කර තිබිණ.

මෙම පුවත් පත විසින් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව හඳුන්වා දී තිබුණේ ‘සතුන් රැළක්‘ ලෙසිනි.

“ඒ වෙතට කෙරෙන ප්‍රහාරය අපේ යුදමය ශක්තිය ප්‍රදර්ශනය කිරීමට හොඳම නිදසුනක් වේවි“ යයිද එහි සඳහන් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now