උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පසුව අද (09/01) දිනයේ නැවතත් සාකච්ඡා ආරම්භ විය.
උතුරු හා දකුණු කොරියා දේශ සීමාවේ පිහිටි සන්නද්ධ කණ්ඩායම් වලින් තොරවූ Panmunjom නැමති සාම ගම්මානයේදී මෙම සාකච්ඡා සිදුවී ඇත.
මෙම සාකච්ඡා සඳහා එක් රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු බැගින් සහභාගී වී තිබේ.
මෙම සාකච්ඡාවේදී පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට උතුරු කොරියාවේ සහභාගීත්වය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ.
උතුරු කොරියාව පසුගිය කාලයේ දිගින් දිගටම සිදුකල න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් හමුවේ දෙරට අතර සාකච්ඡා බිඳවැටුණු අතර අවසන් වරට දෙරට අතර ඉහල මට්ටමේ සාකච්ඡා පැවැත්වී තිබුනේ 2015 වර්ෂයේදී ය.
කෙසේවෙතත් මෙවර සිසිර ඔලිම්පික් උළෙල සඳහා උතුරු සහ දකුණු කොරියාව කොරියානු අර්ධද්වීප ධජය යටතේ එක්ව තරග කරනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.

