SKIP TO MAIN CONTENT

ඇමෙරිකාව කේන්ති ගස්වමින් උතුරු කොරියාව තවත් දිගු දුර මිසයිලයක් අත්හදා බලයි.

North Korea missile
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

උතුරු කොරියාව ඊයේ (29/04) දිනයේදී තවත් බැලස්ටික් මිසයිලයක් අත් හදා බැලූ බවත් එය අසාර්ථක වූ බවත් වාර්තා වේ.

උතුරු කොරියාවේ අගනුවර ලෙස සැලකෙන Pyongyang නුවර සිට මෙම අත්හදා බැලීම සිදු කර ඇති අතර එය අසාර්ථක වී ගොස් ඇති බව දකුණු කොරියාව පවසයි.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ පටන් උතුරු කොරියාව අත්හදා බැලූ නමුත් අසාර්ථකවූ සිව් වන මිසයිලය මෙය බවද සඳහන්.

උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල හා න්‍යෂ්ඨික අත්හදා බැලීම් ලෝකයටම තර්ජනයක් බැවින් මේ පිළිබඳව දැඩි තීරණයක් ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් Rex Tillerson පවසා තිබේ.

එසේ නොමැති වුවහොත් ඇතිවන ප්‍රතිඵලය භයානක එකක් විය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, මෙම ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසුව උතුරු කොරියාව මෙම නව මිසයිල අත්හදා බැලීම සිදු කර තිබීමද විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now