SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවේ අනාගතය පෙන්ටගනයට බාරවෙන ලකුණු.

North Korea’s future may take care by Pentagon.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

උතුරු කොරියාවේ හිතුවක්කාරී න්‍යෂ්ඨික අත්හදා බැලීම් නතර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇති බවත් මෙයට තවත් වික්ප්ලයක් ජගත් සංවිධානය සතුව නොමැති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි Nikki Haley පවසයි.

ඒ අනුව මේ ගැටලුව විසඳීම සඳහා පෙන්ටගනයට බාරදීමට ඇමෙරිකාවට සිදුවන බවද ඇය ප්‍රකාශ කළාය.

උතුරු කොරියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තවත් දැඩි කිරීමට පසුගිය සඳුදා රැස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඒකමතිකව තීන්දු කළේය.

නමුත් ඉන් අනතුරුව උතුරු කොරියාව පසුගිය සිකුරාදා පෙරවරුවේ තවත් දිගු දුර මිසයිලයක් ජපානයට ඉහළින් යැවීමට පියවර ගත්තේය.

උතුරු කොරියාව සම්බන්ධ ගතහැකි සියලුම රාජ්‍ය තාන්ත්‍රික විකල්ප සියල්ලම ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි Nikki Haley, C-N-N පුවත් සේවයට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now