SKIP TO MAIN CONTENT

උතුරු ක්වීන්ස්ලන්ත වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වලට සුළි කුණාටු අවදානමක්

Tropical cyclone
Tropical cyclone Source: BUREAU OF METEOROLOGY

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

උතුරු ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් Kimi නිවර්තන සුළි කුණාටුව හටගෙන ඇති බැවින් එම කලාපයේ වැසියන්ට ඒ සඳහා සූදානම් වන ලෙස දැනුම් දී තිබේ.

මෙම සුළි කුණාටුව පළමු ඛාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස නම් කර ඇති අතර දැඩි සුළං, අධික වර්ෂාව සහ යම් ගංවතුර තත්ත්වයක් ඒ හරහා ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.

Cooktown සිට Lucinda, Mareeba, චිලූගෝ, Cairns, Port Douglas, Cardwell සහ Atherton යන ප්‍රදේශ සඳහා මේ වන විට මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.

මෙම සුළි කුණාටු තත්ත්වය හෙට වන තෙක් පැවතිය හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ කාර්යාංශයේ Dean Narramore පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now