Debbie කුණාටුව හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර අවධානම හේතුවෙන් නිව් සවුත් වේල්ස් උතුර ප්‍රදේශයේ ජනතාවට පංදිචි ස්ථාන වලින් ඉවත් වන ලෙස ඒ ප්‍රාන්ත හදිසි සේවා ආයතන නිවේදනය කර තිබේ.
ප්‍රධාන වශයෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට බලපෑ debbie කුණාටුව හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුර ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, මේ හේතුවෙන් ඇති වී තිබෙන ගං වතුර අවධානම හේතුවෙන් South Murwillumbah, Condong and Tumbulgum යන ප්‍රදේශ වල ජනතාවට, එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස SES (State Emergency Service ) ආයතනය දැනුම් දී ඇති බව සදහන්.ඊයේ (30 බ්‍රහස්පතින්දා) සවස් වරුවේ මෙම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබිණි.
Lismore ප්‍රදේශය ආශ්‍රිත Wilson ගඟ පිටාර ගැලීමේ අවධානමක් ඇති නිසා එම ප්‍රදේශයේ 6000කට අධික පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබිණි .
මෙලෙස අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ වල ජනතාවට හැකි ඉක්මනින් එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස හදිසි සේවා ආයතන මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. අදාල ප්‍රදේශ වලින් පිට වීමට ඇති මාර්ග වල දැඩි තද බදයක් ඇති වීමට ඉඩ ඇති නිසාත්, සමහරක් මාර්ග වසා දැමීමට ඉඩ ඇති නිසාත්, හැකි ඉක්මනින් අවදානම් සහගත ප්‍රදේශ වලින් ඉවත් වීම යෝග්‍ය බව හදිසි සේවා ආයතන වල මතය වී තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත දේශ සිමාව ආසන්නයේ ඇති South Murwillumbah, Condong and Tumbulgum යන ප්‍රදේශ වල ජනතාවටද ගං වතුර තර්ජන හේතුවෙන් එම ප්‍රදේශ වලින් ඉවත්වන ලෙස නිවේදන නිකුත් කර ඇති අතර, Tweed ගඟ මේ වන විටත් පිටාර ගලා ඇති බව හදිසි සේවා ආයතන පවසයි. Tweed River valley ප්‍රදේශයට පසු ගිය පැය 24 තුල මිලිමීටර 417ක වර්ෂා පතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය සදහන් කරයි. 2001 සහ 2008 වසර වල ඇති වූ දරුණු ගං වතුර තත්වයට සමාන තත්වයක් Tweed ගඟ ආශ්‍රිත පෙදෙසේ මෙවරත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය සදහන් කර තිබේ.
සිඩ්නි නුවර උතුරු ප්‍රදේශය ආශ්‍රිත මුහුදද රළු විය හැකි බවත්, අධික වර්ෂාව සහ අධික සුළං සහිත තත්වයන්ට එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දිය හැකි බවත් කාලගුණ විද්‍යා අනාවැකි වල සදහන්.
සිඩ්නි northern rivers distric නමින් හදුන්වන ප්‍රදේශය සදහා පසුගිය පැය 24 තුල මිලිමීටර 200ක වැසි ඇදහැලී ඇති අතර එය මිලිමීටර 300 දක්වා වැඩි වනු ඇතැයි මේ වන විට අනාවැකි පලවී තිබේ.

