SKIP TO MAIN CONTENT

කොරෝනා ව්‍යාප්තිය වැලක්වීම සඳහා අප්‍රේල් මුල සිට Northern Territory ය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීමේදී ඔබ පිළිපැදිය යුතු නව නීති මෙන්න

為了遏制疫情,多個州及領地都重新實施邊境限制。
為了遏制疫情,多個州及領地都重新實施邊境限制。 Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළක්වීමට Northern Territory ය සහ ක්වීන්ස්ලන්තය අප්‍රේල් මුල සිට සිය ප්‍රාන්ත සීමාවන් තවත් තර කිරීමට තීරණය කර තිබේ.

Northern Territory

කොරෝනා වයිරසය තම ටෙරටරිය තුළ ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා සිය ටෙරටරි සීමා තවත් තර කිරීමට Northern Territory සූදානම් වේ.

ඒ අනුව විදෙස් ගතව සිට හෝ ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක සිට හෝ Northern Territory වෙත පිවිසෙන ඕනෑම අයෙකු දින 14 ක කාලයක් බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයකට ලක් විය යුතුය.

අප්‍රේල් 02 වන දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 04 දින මධ්‍යම රාත්‍රියෙන් පසුව Northern Territory වෙත පැමිණෙන පුද්ගලයින් තම වියදමින් අදාළ හෝටල් වල සිට නිරෝධායනය විය යුතුය.

එනිසා අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් Northern Territory වෙත එන ලෙස මෙයින් ප්‍රකාශ කරන බව එහි ප්‍රධාන අමාත්‍ය Michael Gunner පැවසීය.

Queensland border COVID-19
Queensland Premier Annastacia Palaszczuk at a press conference at Parliament House in Brisbane Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

කොරෝනා වයිරසය තම ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා සිය ප්‍රාන්ත සීමා තර කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද සූදානම් වේ.

ඒ අනුව එළඹෙන අප්‍රේල් 03 වන දින සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසියෙකු නොවන අයෙකු ක්වීන්ස්ලන්තයට ඇතුළු වීමට අවශ්‍යනම් එම පුද්ගලයා ඒ සඳහාවූ අවසර පත්‍රයක් ලබා ගත යුතු බව වාර්තා වේ.

එසේ නොමැති වුවහොත් ඔහුව හෝ ඇයව නැවත හරවා යැවීමට කටයුතු කෙරේ.

තම රාජකාරී සහ ව්‍යාපාරික කටයුතු සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නිතර පිටවන සහ ඇතුළු වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට එම විශේෂ බලපත්‍රයට අයදුම් කළ හැකි අතර එය තම වාහනයේ ඉදිරි පස වීදුරුවේ ප්‍රදර්ශනය කිරීමෙන් බාධාවකින් තොරව තම ගමන් වල යෙදිය හැකිය.

නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පදිංචි නොවන පුද්ගලයින්ට එම බලපත්‍රය ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්නාවලියකට පිළිතුරු දිය යුතු අතර එය අධීක්ෂණය කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාදෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයයේ ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

අප්‍රේල් 03 වන දින සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීම සඳහා ලබාගත යුතු විශේෂ බලපත්‍රය ලබාගැනීමට හැකි යොමුව මෙතනින්.

coronavirus
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now