Northern Territory හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තම ප්‍රාන්ත සීමා පිළිබඳ පැනවූ අලුත්ම තහනම් මෙන්න

A vehicle stops at a checkpoint on the Pacific Highway on the Queensland - New South Wales border

A vehicle stops at a checkpoint on the Queensland - New South Wales border. Source: Getty Images

Northern Territory  හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තම ප්‍රාන්ත සීමා පිළිබඳ පනවන තහනම් පිළිබඳ නවතම විස්තර ඉදිරිපත් කර තිබේ.

Northern Territory

සිඩ්නි වැසියන්ට තම ටෙරිටරි සීමා තරණය කිරීමේ තහනම තවත් දිගු කිරීමට Northern Territory රජය තීරණය කරයි.

මේ වන විට සිඩ්නි ප්‍රධාන නගරය කොරෝනා මර්මස්ථානයක් ලෙස හඳුන්වන අතර එම කලාපයේ වැසියන්ට Northern Territory වෙත ඇතුළුවීම අවම වශයෙන් අගෝස්තු 28 දක්වා තහනම් කර තිබේ.

තම ටෙරිටරි සීමා ආරක්ෂා කිරීම සඳහා අමතර පොලිස් නිලධාරීන් යෙදවීමට තම ටෙරිටරි රජය ඩොලර් මිලියන 20 ක් වියදම් කිරීමට සූදානම් වන බව Northern Territory ප්‍රධාන අමාත්‍ය Michael Gunner පවසයි.

මේ අතර දින නියමයක් නොමැතිව වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට Northern Territory වෙත ඇතුළුවීම තහනම් කර තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

වෙනත් ප්‍රාන්ත හා ටෙරිටරි වල කොරෝනා වයිරසය පැතිරීමේ ඉහළ අවදානමක් ඇති වුවහොත් නැවත සිය ප්‍රාන්ත සීමා වසා දමන බවට ක්වීන්ස්ලන්තය පවසයි.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත හා සිඩ්නි කලාපයේ Fairfield, Liverpool සහ Campbelltown යන උප නගර වල වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර තිබේ.

මේ අතර යම් පුද්ගලයෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Potts Point ප්‍රදේශයේ පසුගිය සති දෙක තුළ වාසය කර ඇත්නම් හෝ එම ප්‍රදේශයට ගොස් ඇත්නම් හෝ අදාළ පුද්ගලයින්ට කොරෝනා රෝග ලක්ෂණ මතුව ඇතිනම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාව සිදුකරගන්නා ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Jeannette Young ගේ උපදෙස් මත තම ප්‍රාන්ත සීමා පිළිබඳ ඉදිරියේදී ගැනීමට නියමිත තීරණ දැනටමත් සූදානම් කර ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk  පවසයි.

Sinhalese
Source: SBS Sinhala


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now