ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට Northern Territory සිය Skilled වීසා නාමයෝජනා නිර්ණායක වෙනස් කරයි

රැකියා ලයිස්තුවේ ඇති බොහෝ රැකියා සඳහා වූ වසර 3 ක සේවා පළ පුරුද්ද වසරක් දක්වා අඩු කිරීම සහ ප්‍රමුඛතා රැකියා ලැයිස්තුවට වැඩිපුර වෘත්තීන්/ රැකියා එකතු කිරීම මෙම වෙනස්කම් අතර ප්‍රධාන වේ.

Northern Territory Skilled visa nomination eligibility criteria for offshore applicants has changed

Source: SBS / SBS News

Northern Territory සිය General Skilled Migration හෙවත් සාමාන්‍ය නිපුණතා සංක්‍රමණ අයදුම්කරුවන් සඳහා වන නාමයෝජනා සුදුසුකම් නිර්ණායක වෙනස් කර තිබේ.

නමුත් මෙය ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට අදාළ වේ.

සිදුකර ඇති සංශෝධන

  • රැකියා ලයිස්තුවේ ඇති බොහෝ රැකියා සඳහා වූ වසර 3 ක සේවා පළ පුරුද්ද වසරක් දක්වා අඩු කිරීම.
  • Priority Occupations Stream හෙවත් ප්‍රමුඛතා රැකියා ලැයිස්තුවට වැඩිපුර වෘත්තීන්/ රැකියා එකතු කිරීම.
  • නාමයෝජනා සඳහා අයදුම් කරන පවුලේ සාමාජිකයින්ට සහාය වීම සඳහා regional provisional (489, 491 සහ 494 වීසා) වීසා බලපත්‍රලාභීන් සහ regional permanent residency (887 සහ 191වීසා) සඳහා ඉල්ලුම් කිරීමෙන් පසු bridging වීසා බලපත්‍ර දරන්නන් සඳහා Family Support ධාරාව පුළුල් කිරීම.

අයදුම්පත් සලකා බැලීම දිගටම

දැනට පවතින සුදුසුකම් නිර්ණායක යටතේ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ගේ නාමයෝජනා අයදුම්පත් ලබා ගැනීම සහ තක්සේරු කිරීම නොකඩවා කරගෙන යන බව MigrationNT පවසයි.

අයදුම්කරුවන් සුදුසුකම් නිර්ණායක සපුරාලීමෙන් පසු හැකි ඉක්මනින් තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව ඔවුහු පවසති.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වීසා බලපත්‍ර කල් ඉකුත් වී ඇති පුද්ගලයින් ඔවුන්ගේ වීසා විකල්පයන් පිළිබඳ වෘත්තීය උපදෙස් ලබා ගත යුතු අතර ඔවුන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ ඔවුන් නීත්‍යානුකූලව සිටින බවට සහතික විය යුතු බවද MigrationNT අවධාරණය කරයි.

සියලුම අයදුම්කරුවන් තම නාමයෝජනා අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී සහ ඔවුන්ගේ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාම NT නාමයෝජනා නිර්ණායක සහ සම්මත ස්වදේශ කටයුතු නිර්ණායක දෙකම සපුරාලන බවට සහතික විය යුතු බවද ඔවුහු දැනුම් දෙති.

Northern Territory සංක්‍රමණ වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා ටෙරිටරි මෙන් Northern Territory සංක්‍රමණ වැඩසටහන යටතේ ද Skilled Nominated (Subclass 190) වීසා සහ Skilled Work Regional (Subclass 491) වීසා පිරිනමයි.

2022/23 වසර සඳහා Northern Territory වෙත 190 වීසා සඳහා 600 ක කෝටාවක්ද 491 වීසා සඳහා 1,400 ක කෝටාවක්ද හිමිව ඇත.

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව හිමිකරදෙන වීසා බලපත්‍රයකි.

එමෙන්ම පුහුණු සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සකසා දෙමින් වසර 5ක කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල වාසය කිරීමට, අධ්‍යයනය කිරීමට සහ රැකියා කිරීමට 491 වීසා බලපත්‍රය මඟින් ඉඩ සලසයි.

වසර 3 කට පසු අදාළ සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව මෙම 491 වීසා දරන්නන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සපයන 191 වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි අතරින් ස්ථිර පදිංචිය ලබාගත හැකි ඉහළම සම්භාවිතාවක් ඇති ටෙරිටරියක් ලෙස ද Northern Territory හැඳින්වේ.

Northern Territory වෙතින් 491 වීසා ලබාගත් පසුව ඔබ තවමත් Northern Territory හි ජීවත් වන සහ රැකියා කරන බව සහතික කිරීම සඳහා Northern Territory රජය ස්වාධීන පරීක්‍ෂණ සිදුකරන බවද දන්වා තිබේ.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now