SKIP TO MAIN CONTENT

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා මුස්ලිම් සිසුවියන්ට මුහුණු ආවරණය තහනම් කිරීමට නෝර්වීජියානු රජය සැරසේ.

Norway to ban full-face Muslim veil
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය හදාරන මුස්ලිම් සිසුවියන්ගේ මුහුණු ආවරණ එම අධ්‍යාපන ආයතන තුළ තහනම් කිරීමට නව පනතක් ඊයේ (12/06) දිනයේදී නෝර්වීජියානු රජය යෝජනා කර ඇත.

මෙම මුහුණු ආවරණ හේතුවෙන් ගුරවරුන් සහ ශිෂ්‍යයින් අතර ඇතිවන සන්නිවේදන කටයුතු සඳහා බාධාවක් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම තහනමට සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ආවරණ වන niqab මෙන්ම burqa සහ balaclava ද ඇතුළත් වේ.

“පෙර පාසල්, පාසල් සහ විශ්ව විද්‍යාල වල රෙදි වලින් මුහුණු ආවරණය කරගෙන සිටීම අපට අවශ්‍ය නැහැ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබන්නට ඉඩ සලසන සන්නිවේදනය ඒ මගින් අඩාල වෙනවා.” නෝර්වීජියානු අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍ය Torbjorn Roe Isaksen පැවසීය.

මෙම නීතිය මගින් බලපෑමකට ලක්වන පිරිස් පිළිබඳව නෝර්වීජියානු  බලධාරීන් ඉදිරි මාස කිහිපය තුළදී විමර්ශනය කරනු ඇති බවද වාර්තා වේ.

නෝර්වීජියානු පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂ වල සහයෝගීත්වය මේ සඳහා ලබාගැනීමට හැකිවෙතැයි නෝර්වීජියානු රජය අපේක්ෂා කරන අතර මෙම නව යෝජිත පනත 2018 වසන්ත සමයේදී සම්මත කරගැනීමට බලාපොරොත්තුවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now