“මෙය සිරියාව වෙනුවෙන්” (this is for Syria) ලෙස පවසා එක්තරා පුද්ගලයෙකු විසින් ප්‍රංශයේ සුප්‍රසිද්ධ කතෝලික දේවස්ථානයක් වන “Notre Dame” දේවස්ථානයෙන් පිටත සිටි පොලිස් නිලධාරියෙකු හට මිටි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අනතුරුව ඔහු තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රථම පොලීසිය විසින් වෙඩි තබා ඔහුට තුවාල සිදු කර අත් අඩංගුවට ගෙන තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Notre Dame දේවස්ථානය යනු ලෝක සංචාරකයින්ගේ ජනප්‍රියතම ස්ථානයකි.
මෙම සිදුවීම ඊයේ (06/06) දිනයේදී සිදුවී ඇති අතර ඒ මොහොත වන විට දේවස්ථානය ඇතුළත 1000 කට ආසන්න පිරිසක් සිටි බවද වාර්තා වේ.
අදාළ ප්‍රහාරකයා සතුව ඇල්ජීරියානු ශිෂ්‍ය හැඳුනුම් පතක් තිබු බවද ප්‍රංශ ස්වදේශ කටයුතු අමාත්‍ය Gerard Collomb පැවසීය.
ලන්ඩන් පාලම ආශ්‍රිතව සිදු කළ IS බෝම්බ ප්‍රහාරයෙන් දින 3කට පසුව මෙය සිදුවීම සුවිශේෂී කරුණක් ලෙස ආරක්ෂක බලධාරීන් පවසයි.

