Djokovic නඩු විභාගයෙන් ජය ගත්තත්, වසර 3 කට ඕස්ට්‍රේලියාව තහනම් වීමේ සැකයක් (SBS සිංහල/ වාර්තා)

වීසා ගැටලුවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට ඉඩ නොදුන් ටෙනිස් ක්‍රීඩක Novak Djokovic නඩු විභාගයෙන් ජය ලැබුවද ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය Alex Hawke ගේ පුද්ගලික තීරණය මත ඔහුගේ වීසා අවලංගු කල හැකි බවට මේ වනවිට සැක මතුව තිබේ.

Serbia's Novak Djokovic holds the Norman Brookes Challenge Cup after defeating Russia's Daniil Medvedev in the men's singles final at the 2021 Australian Open

Serbia's Novak Djokovic holds the Norman Brookes Challenge Cup after defeating Russia's Daniil Medvedev in the men's singles final at the 2021 Australian Open Source: AP


Highlights

  • Novak Djokovic නඩු විභාගයෙන් ජය ලබයි
  • ආගමන අමාත්‍යවරයාගේ පුද්ගලික තීරණය මත වීසා අවලංගු කිරීමේ හැකියාවක්
  • Djokovic ඉදිරිපත් කල කරුණු රජයේ නීතීඥයින් බැහැර කරයි

Novak Djokovic නඩු විභාගයෙන් ජය ලබයි

ඕස්ට්‍රේලියානු විවුර්ත ටෙනිස් ශුරතාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක Novak Djokovic වීසා ගැටලුවක් හේතුවෙන් පසුගිය සතියේ සිට ඕස්ට්‍රේලියානු ආගමන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබිණ.

කෙසේ නමුත් අද(10) මධ්‍යම අධිකරණය මගින් සිදු කල නඩු විභාගයෙන් ඔහු ජයග්‍රහණය කොට තිබේ.

34 හැවිරිදි සර්බියානු ජාතික ටෙනිස් ක්‍රීඩක Novak Djokovic "ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවශ්‍යතා" සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා මෙල්බර්න් වෙත පැමිණීමෙන් අනතුරුව ඔහුගේ වීසා මෙලෙස තාවකාලිකව අවලංගු කිරීම සිදු විය.

මෙම සිදුවීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට යොමු වූ අතර ඔහු අද දිනය දක්වා ඕස්ට්‍රේලියානු ආගමන රැඳවුම් භාරයේ රඳවා තැබිණ.

අද පැවති නඩු විභාගයේදී Djokovic ගේ නීතීඥයින් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews ගේ නීතීඥයින් එකඟතාවයකට පැමිණ ඇති අතර විනිසුරු Anthony Kelly විසින් සර්බියානු ජාතිකයාගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමේ තීරණය ඉවත් කරන නියෝග කොට තිබේ. එමෙන්ම ඔහු වහාම නිදහස් කරන ලෙසත් නියෝග කල බව සඳහන්.

ආගමන අමාත්‍යවරයාගේ පුද්ගලික තීරණය මත වීසා අවලංගු කිරීමේ හැකියාවක්

කෙසේ නමුත්, රජය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ Christopher Tran අධිකරණයට කියා සිටියේ ආගමන විගමන අමාත්‍ය Alex Hawke හට, සිය මැදිහත්වීම මත මෙම ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය නැවත අවලංගු කරන්නේද යන්න පිළිබඳව සලකා බැලිය හැකි බවයි.
Immigration Minister Alex Hawke
Immigration Minister Alex Hawke. Source: AAP Image/Lukas Coch
මෙලෙස පුද්ගලික බලය කරමින් Djokovic ගේ වීසා අවලංගු කිරීම සිදු වුවහොත් Djokovic හට වසර 3ක කාලයක් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට හැකියාවක් නොමැති විනිසුරු Anthony Kelly සඳහන් කොට තිබේ.

ඕස්ට්‍රේලියාව තුල මේ වනවිට ක්‍රියාත්මක වන නීතියට අනුව කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිසට වෛද්‍ය නිදහස් කිරීමක් නොමැති නම් රට තුලට ඇතුළු වීම තහනම් වේ.

කෙසේ නමුත් අද පැවති නඩු විභාගයේදී Djokovic ගේ නීතිඥයින් තර්ක කොට සිටියේ ඔහු එන්නත් ලබා නොගැනීම සම්බන්ධයෙන් වන වෛද්‍ය නිදහස් කිරීමේ නිර්ණායක සපුරා ඇති බවයි.

එමෙන්ම මහාචාර්යවරයෙකුගේ සහ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ Djokovicට වෛද්‍ය නිදහස් කිරීමක් ලබා දී තිබේ. මීට අමතරව එම වෛද්‍ය නිදහස් කිරීම සහ එය ලබා දුන් පදනම, වික්ටෝරියානු ප්‍රාන්තය මගින් පිහිටුවන ලද ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් මගින් ද අධීක්ෂණය වී ඇති වාර්තා වේ.
Novak Djokovic at the 2020 Australian Open at Melbourne Park on February 2, 2020.
Novak Djokovic at the 2020 Australian Open at Melbourne Park on February 2, 2020. Source: AAP
Djokovic ගේ නීතීඥ Nick Wood සඳහන් කොට සිටියේ පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව හදිසියේම සිදුවූ ගුවන්තොටුපල බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්, හේතුවෙන් ඔහු දැඩි ව්‍යාකූලත්වයකට පත් වූ බවයි.

කෙසේ නමුත් Djokovic එම අවස්ථාවේ Tennis Australia හි බලධාරීන් සහ තම නීතීඥයින් සම්බන්ධ කරගැනීමට අවශ්‍ය බවට දේශසීමා නිලධාරීන් හට කියා සිටියද බ්‍රහස්පතින්දා උදෑසන 7:29 ට පෙර ඔවුන් ඔහුගේ වීසා අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

Djokovic ඉදිරිපත් කල කරුණු රජයේ නීතීඥයින් බැහැර කරයි

මින් අනතුරුව ඔහු පසුගිය සෙනසුරාදා ඔහු උසාවියට ​​ඉදිරිපත් කරන ලද කරුණු වලදී, රජයේ නීතීඥයින් සඳහන් කොට සිටියේ ඔහුට මින් පෙර කෝවිඩ් අසාදනය වීම නිදහස් කිරීමක් වශයෙන් සැලකීම වැරදි වන බවයි.

මේ හේතුවෙන් ඔවුන් සඳහන් කොට සිටියේ කොවිඩ් වැළඳීම වෛද්‍ය නිදහස ලැබීමට කරුණක් නොවන අතර අධික ලෙස රෝගාතුර වීම එන්නත් ලබාගැනීමට ප්‍රමාද කිරීමට හේතුවක් විය හැකි බවයි.

මේ හේතුවෙන් රජයේ නීතීඥයින් සඳහන් කොට සිටියේ අයදුම්කරුට උග්‍ර රෝගී තත්වයක් පැවතී නොමැති අතර ඔහු රට තුලට ඇතුළු කිරීම ඕස්ට්‍රේලියානු ජනතාවගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.


Share

Published

Updated

By Evan Young, Nipuna Dodangoda
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Djokovic නඩු විභාගයෙන් ජය ගත්තත්, වසර 3 කට ඕස්ට්‍රේලියාව තහනම් වීමේ සැකයක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala