ඔබත් මාධ්‍ය පිළිබඳව කැමැත්තක් දක්වනවාද?
එසේනම් SBS සිංහල සේවය ඔස්සේ ඔබේ මාධ්‍ය වෘත්තිය වර්ධනය කරගනිමින් ගුණාත්මක තොරතුරු අපගේ සිංහල ප්‍රජාව වෙත ගෙන යාමට මෙන්න ඔබටත් අවස්ථාවක්.
SBS සේවය ඕස්ට්‍රේලියාව තුල සමාජය වඩාත් ඒකාබද්ධ කිරීමට සෑම විටම කටයුතු කරයි. එමෙන්ම SBS සේවය මේ වනවිට ලොව වඩාත්ම ගෞරවනීය විකාශකයෙකු වශයෙන්ද කීර්තියක් අත්කොටගෙන සිටී.
දැන්, අපගේ SBS සිංහල සේවය නව දක්ෂතා සහිත ඔබ වැනි පිරිස සොයමින් සිටින අතර, ඔබට අප හා සම්බන්ධ වීමට මෙමගින් මහඟු අවස්ථාවක් උදා වී තිබේ.
ඔබ මාධ්‍ය සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන්නේ නම් සහ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙහිම ඉහළ ප්‍රවීණතාවයක් දරන්නේ නම් ඔබට SBS සිංහල සේවයේ පහත සඳහන් රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කල හැක.
Sinhala Radio Producer - ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක තනතුර (සිංහල)
Sinhala Digital Content Producer - ඩිජිටල් නිෂ්පාදක තනතුර (සිංහල)

Sinhala Radio Producer - ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක තනතුර
මෙම භූමිකාව ඔස්සේ, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව, නිෂ්පාදකයෙකු ලෙසින් සජීවීව ගුවන් විදුලියෙන් සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රේක්ෂක සහභාගීත්වය වර්ධනය කිරීම සිදු කරයි.
මෙම තනතුර අර්ධ-කාලීන වන අතර, සතියකට පැය 12ක් පිරිනැමේ.
මේ සඳහා සිඩ්නි හෝ මෙල්බර්න් නගර සහ තදාසන්න ප්‍රදේශ වල වෙසෙන පිරිසට ඉල්ලුම් කල හැක.
මෙම තනතුර සඳහා ඉල්ලුම් කිරීමට නම් ඔබට,
- ගුවන්විදුලි සහ/හෝ online වේදිකා ඔස්සේ, ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ ප්‍රජා පුවත් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට, ලිවීමට, නිෂ්පාදනය කිරීමට, පරිවර්තනය කිරීමට සහ ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතුය.
- සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂා කථා කිරීමට සහ type කිරීමේ ප්‍රවීණතාවය තිබිය යුතුය.
- අපගේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ කොටසක් ලෙස ඉංග්‍රීසි භාෂා දැනුම තක්සේරු කිරීමේ කෙටි පරීක්ෂණයකට සහභාගී විය යුතුය.
- Full time working rights හෙවත් ඔස්ට්‍රේලියාවේ පුර්ණ කාලීනව රැකියා කිරීම සඳහා සම්පුර්ණ අවසරය තිබිය යුතු වේ.

Sinhala Digital Content Producer - ඩිජිටල් නිෂ්පාදක තනතුර
මෙම තනතුර SBS සිංහල සේවයට අයත් ඩිජිටල් මාධ්‍ය සඳහා අදාළ නිෂ්පාදන කටයුතු කිරීම වෙනුවෙනි. ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිස සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති සහ කාලින තොරතුරු පිළිබඳ වෙබ් ලිපි සැකසීම සහ Digital මාධ්‍යයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම, පොඩ්කාස්ට් මාධ්‍ය සඳහා අනුගත වන නිෂ්පාදන සැකසීම, සහ සමාජ මාධ්‍ය හසරවිම සහ අන්තර්ගත නිෂ්පාදන, වීඩියෝ නිෂ්පාදන ඇතුළු සියලුම ඩිජිටල් නිෂ්පාදන කිරීමේ සුදුසුකම් මෙයට ඇතුලත් වේ.
මෙම තනතුර අර්ධ-කාලීන වන අතර, සතියකට පැය 28 ක් පිරිනැමේ.
මේ සඳහා සිඩ්නි හෝ මෙල්බර්න් නගර සහ තදාසන්න ප්‍රදේශ වල වෙසෙන පිරිසට ඉල්ලුම් කල හැක.
මෙම තනතුර සඳහා ඉල්ලුම් කිරීමට නම් ඔබට,
- වීඩියෝ, online, සමාජ මාධ්‍ය, ඔස්සේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය විශේෂාංග නිෂ්පාදනය කිරීමට හැකියාව තිබිය යුතුය.
- විවිධ මූලාශ්‍ර ඔස්සේ ප්‍රවෘත්ති, ක්‍රීඩා සහ කාලීන සිදුවීම් සම්පාදනය කිරීමට සහ උප සංස්කරණය කිරීමට හැකියාව තිබිය යුතුය.
- ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජා පිළිබඳ පොහොසත් අවබෝධයක් තිබිය යුතුය.
- සිංහල භාෂාවෙන් ඉතා ආකර්ෂණීය විශේෂාංග නිෂ්පාදනය කිරීම පිළිබඳව මෙන්ම SEO පිළිබඳ ගැඹුරු දැනුමක් තිබිය යුතුය.
- දැඩි පීඩනය යටතේ කටයුතු කිරීමට, සීමා සහිත කාලසීමාවන් තුල ගැටළු විසඳීමට ඇති හැකියාව ඔප්පු කල යුතුය.
- ඔස්ට්‍රේලියාවේ සිංහල කතා කරන ප්‍රජා ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් මෙන්ම සගයන් සමඟ ඵලදායි සබඳතා පවත්වා ගැනීමට හැකියාව තිබිය යුතුය.
- Full time working rights හෙවත් ඔස්ට්‍රේලියාවේ පුර්ණ කාලීනව රැකියා කිරීම සඳහා සම්පුර්ණ අවසරය තිබිය යුතු වේ
මෙම තනතුරු සඳහා අයදුම් කරන පිරිස ATAGI (Australian Technical Advisory Group on Immunization) මාර්ගෝපදේශයන්ට අනුකූලව අනුමත Covid-19 එන්නත් ලබා තිබිය යුතු වේ.
අයදුම්පත් පැමිණෙන ආකාරය අනුව එම අයදුම්පත් ලැයිස්තුගත කිරීම සිදු වන අතර, ඒ හේතුවෙන් හැකි ඉක්මනින් මෙම තනතුරු සඳහා අයදුම් කිරීම වැදගත් වේ
අයදුම්පත් භාරගැනීම 2023 නොවැම්බර් 19 ඉරිදා අවසන් වේ.
ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක තනතුර සඳහා online අයදුම් කරන්න මෙතනින්
ඩිජිටල් නිෂ්පාදක තනතුර සඳහා online අයදුම් කරන්න මෙතනින්
Seek වෙබ් අඩවිය හරහා අයදුම් කරන්න
ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක තනතුර සඳහා මෙතැනින් පිවිසෙන්න
ඩිජිටල් නිෂ්පාදක තනතුර සඳහා මෙතැනින් පිවිසෙන්න

