NSW පොලීසිය විසින් සැක කරුවන් නිරුවත් කොට පරීක්ෂා කිරීම් වල වැඩි වීමක් ..(SBS සිංහල / වාර්තා)

sc

Source: SBS

NSW විශ්ව විද්‍යාලය විසින් සිදු කල නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ වසර 2018 මැද භාගය තෙක් මාස 12 තුල NSW ප්‍රාන්තයේ පොලීසිය විසින් නිරුවත් කොට පරීක්ෂා කිරීම් 5483ක් දක්වා වැඩි වී ඇති බවයි. වසර 2006 දී එය 277ක් පමණක් වුවා
එසේම පොලිස් අත්අඩංගුවට ගත පුද්ගලයන් නිරුවත් කොට පරීක්ෂාවට ලක් කිරීම 6841 සිට 9381 දක්වා වැඩි වී තිබේ.

නමුත් NSW විශ්ව විද්‍යාලයේ Vicki Sentas පවසන්නේ මෙමගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අඩු වීමක් සිදුවී නැති බවයි. Rethinking Strip Searches නම් වාර්තාවේ රචක Vicki Sentas පවසන්නේ 91%ක් ම පොලීසිය විසින් මෙම පරීක්ෂා සිදු කරන්නේ මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම පරීක්ෂාවට බවයි . වසර 2014-15 හා 2017/18 අතර 62% - 65% අතර එම පරීක්ෂා වලදී කිසිවක් හමුවී නැති බවයි වාර්තා වන්නේ.

එසේම වසර 2016 සිට 2018 දක්වා 40% මෙවන් පරීක්ෂාවන් වයස අවුරුදු 25ට අඩු පුද්ගලයන්ට සිදු කොට ඇති අතර , ආදිවාසී හා Torres dupath වාසීන් 22.1%ක් හා 23.1% අතර එසේ පරීක්ෂාවන්ට මුහුණ දෙන බවයි.
නීතීඥය Samantha Lee පවසන්නේ නීතිය අනුව මෙම පරීක්ෂාවන් අවසාන අදියර ලෙස කල යුතු බවයි . එය මානසිකව දරුණු ලෙස බලපාන බවත් ඇය පවසනවා .
එසේම පොලීසිය විසින් අත්‍යවශ්‍ය බවට නිර්ණය කොට නැති විට පුගලයෙකුගේ ලින්ගේන්ද්රියන් හා පියයුරු පරීක්ෂා කිරීමට නොහැකි බවද සදහන්. මෙම වාර්තාවේ සම කතෘ Michael Grewcock පවසන්නේ පොලීසිය ඔවුන්ගේ රෙගුලාසි හා නීතියට පිටුපා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් ඔවුන් කටයුතු කල යුතු බව ඔහු පවසයි
sbs
Source: SBS

Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
NSW පොලීසිය විසින් සැක කරුවන් නිරුවත් කොට පරීක්ෂා කිරීම් වල වැඩි වීමක් ..(SBS සිංහල / වාර්තා) | SBS Sinhala