බොහෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි මේ සතියේදී නව COVID රෝගීන්ගේ විශාල වැඩිවීමක් අද දින (නොවැම්බර් 04) වාර්තා කළේය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව රෝගීන් 10,050 සිට 12,450 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර සතියට වඩා 24% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
ඒ හා සමානව, වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් 8,537 සිට 10,226 දක්වා ඉහළ යාමක් වාර්තා කළ අතර එය 20% කට ආසන්න වැඩිවීමක් වාර්තා කළේය.
ඊළඟ COVID රැල්ලට එය පාර කියන අයුරු පෙනී යන බව ඇය වීඩියෝ පණිවිඩයක කියා සිටියාය.
පසුගිය සතියේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Brett Sutton වික්ටෝරියා ප්‍රාන්තය තවත් COVID-19 රැල්ලක ආරම්භයේ සිටින බව පවසමින් Kerry Chant ගේ අදහසට සමාන අදහසක් පැවසුවේය.
නිර්දේශිත බූස්ටර් මාත්‍රා ලබා ගැනීම සහ කොවිඩ් එන්නත් සමඟ යාවත්කාලීනව සිටීම පිළිබඳ වෛද්‍ය Chant ගේ උපදෙස් කාලෝචිත සිහි කැඳවීමක් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසුවේය.
කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ දින හතක සාමාන්‍යය තවමත් උපරිමයක් පෙන්වූ ජූලි මාසයේ අගයන්ට වඩා 1/10 ට වඩා අඩු මට්ටමක පවතින බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පසුගිය සතියේ එහි 2% ක පමණ වැඩිවීමක් දක්නට ලැබිණි.
මේ අතර කොවිඩ් පිළිබඳ ජාතික අධ්‍යයනයකින් හෙළි වූයේ ඔස්ට්‍රේලියානු ළමුන්ගෙන් අවම වශයෙන් තුනෙන් දෙකකට COVID-19 වැළදී ඇති බවය.
බොහෝ දරුවන්ට මෘදු හෝ රෝග ලක්ෂණ නොමැති බැවින් මෙවැනි තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බැවින් වයිරසය සඳහා පරීක්ෂා නොකෙරෙන බව NCIRS හි බෝවන රෝග විශේෂඥවරියක් සහ ළමා රෝග අධ්‍යයනය මෙහෙයවන වෛද්‍ය Archana Koirala පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් Pfizer bivalent COVID-19 එන්නත මුල් වයිරසය සහ Omicron හි BA.1 උප ප්‍රභේදය ඉලක්ක කර ගනිමින් වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස අනුමත කර ඇත.
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම දැන් එන්නත සමාලෝචනය කරනු ඇත.
COVID එන්නත් ලබාගන්නා මාසයේ කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට කුඩා තාවකාලික බලපෑමක් ඇති කරන බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
ගෝලීය වශයෙන් කාන්තාවන් පිළිබඳ විශාල අධ්‍යයනයකින් COVID-19 එන්නත ඔවුන්ගේ ඔසප් චක්‍රයේ කුඩා හා තාවකාලික වෙනසක් ඇතිකරන බව සොයාගෙන ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය..
"කාන්තාවන්ගේ ඔසප් චක්‍රය සාමාන්‍යයෙන් දිනකට වඩා අඩු වූ නමුත් ඔවුන්ගේ ඔසප් චක්‍රයේදී සිදුවන රුධිර වහනයේ කිසිදු වෙනසක් සිදු නොවුණු අතර මෙම වෙනස්කම් එන්නත ලබා ගැනීමෙන් පසු ඊළඟ ඔසප් චක්‍රය ඇතිවූ විගස අවසන් වේ යනුවෙන් එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන්.
වයස අවුරුදු 35 ට වැඩි, කාන්තාවන්, දියවැඩියාව වැනි පෙර පැවති රෝගී තත්වයන් ඇති හෝ ඔවුන්ගේ COVID-19 ආසාදනය අතරතුර දරුණු රෝගාබාධ ඇති අය ඇතුළු ඇතැම් පුද්ගලයින් හට Long COVID වර්ධනය වීමේ අවදානම වැඩි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.
COVID-19 හදිසි තත්ත්වය බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ අවසන් වී තිබේ.
ඔක්තෝබර් 30 න් අවසන් වූ සතිය තුළ සතිපතා නව ගෝලීය COVID-19 රෝගීන් 17% කින් සහ මරණ 5% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.
ජර්මනිය, ජපානය, ඇමෙරිකාව, චීනය සහ කොරියානු ජනරජය රටවල මට්ටමින් වැඩිම ගෝලීය COVID-19 රෝගීන් වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

