SKIP TO MAIN CONTENT

කොරෝනා හේතුවෙන් රැකියා අහිමිවූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට නිවාස කුලිය ගෙවීම සඳහා සහන පැකේජයක්

"returning the bond for tenants is not impossible, but the house must be in good condition when vacated"
Source: Wikimedia

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා සහ ආදායම් අහිමිවූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට තම නිවාස කුලිය ගෙවීමේදී සහන සැලසීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙම නව සහන පැකේජයේ පිරිවැය ඩොලර් මිලියන 440 කි.

කොරෝනා වසංගතය හේතුවෙන් තමන්ගේ මාසික අදායම අවම වශයෙන් 25% කින් හෝ අඩුවූ පුද්ගලයින්ගේ නිවාස කුලිය හෝ ව්‍යාපාරික ස්ථාන කුලිය අදාළ කුලී හිමියා සහ ඒජන්තවරු සමග සාකච්ඡා කොට සහනදායී මට්ටමකට අඩු කරගැනීමට මෙහිදී හැකියාව ලැබේ.

එමෙන්ම මේ සඳහා සුදුසුකම් ලබන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට මාස 6 ක් පුරාවට මෙම සහනය හිමිවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවැසියන්ට සහ ව්‍යාපාරික ස්ථාන කුලියට ගෙන ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

එහිදී කුලී මුදල් නොගෙවීම මත අදාළ නිවෙස් වලින් හෝ ව්‍යාපාරික ස්ථාන වලින් නෙරපීම මාස 6 ක් යනතුරු අත්හිටුව ඇති බවද වාර්තා වේ.

නමුත් නොගෙවූ කුලිය ගෙවීමට ඇති හිඟ මුදල් ලෙස එකතුවන බවත් අවසානයේදී එය ගෙවිය යුතු බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now