නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Northern beaches නොහොත් උතුරු වෙරල ප්‍රදේශයේ හටගෙන තිබෙන කොරෝනා පොකුරෙන් පැය 24ක් කාලය තුලදී නව ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එමෙන්ම මෙම කොරෝනා පොකුරට සම්බන්ධතාවයක් නොපවතින තවත් ආසාදිතයකු හමු වී ඇති අතර එම පුද්ගලයා බටහිර සිඩ්නි හි සෞඛ්‍ය සේවකයකු වන බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant සඳහන් කරයි.
මේ අනුව මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Northern beaches කොරෝනා පොකුරට සම්බන්ධ කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව 83 සිට 90ක් දක්වා ඉහල ගොස් තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මැඩලීමේ අරමුණින් බදාදා දිනය වනතෙක් මෙම උතුරු වෙරල ප්‍රදේශයේ සඳහා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල සෙසු ප්‍රදේශ කිහිපයකට මේ වනවිට සීමා පනවා තිබේ.
මේ අතර කොරෝනා වෛරස රෝගීන් ගිය බවට අලුතින් හඳුනාගත් ස්ථාන කිහිපයන් NSW Health මගින් ප්‍රකාශයට පත් කොට තිබේ ඒ අනුව
- Avalon Beach Surf Club
- Paddington හි පබ් කිහිපයක්
- Blacktown සහ Alexandria හි කාය වර්ධන මධ්‍යස්ථාන
- Macquarie සාප්පු සංකීර්ණය
මෙම නවතම ස්ථාන අතර වේ.
මේ වන විට සිඩ්නිහි කොරෝනා පරීක්ෂණ විශාල සංක්‍යාවක් සිදුකරන අතර එළඹෙන නත්තල් දිනය සඳහා නීතින් ලිහිල් කිරීම සිදු කරනවද යන්න පිළිබඳව තීරණයකට හෙට (23) වැනිදා එළඹීමට නියමිත බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කොට සිටි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කරන්නේ පවතින කොරෝනා තත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.
මේ වනවිට Northern Beaches ප්‍රදේශයේ ප්‍රජා සම්ප්‍රේෂණය තරමක් දක්නට ලැබෙන අතර ඒ හේතුවෙන් සෑම පුද්ගලයකුම අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වන බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය Paul Kelly අවධාරණය කොට සිටින්නේ පවතින තත්වය තරමක් යහපත් වන නමුත් ඉදිරියේදී කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාමේ හැකියාවක් පවතින බවයි.

