SKIP TO MAIN CONTENT

අද සිට වික්ටෝරියා ප්‍රාන්තයට NSW ප්‍රාන්ත දේශසීමා විවෘතයි

Victoria border
Victoria - NSW border Source: Getty Images AsiaPac

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

මේ අනුව මාස 4ක පමණ කාලයක් තිස්සේ මෙම දේශසීමාවෙහි ආරක්ෂක සේවයේ නියුතුව සිටි පොලිස් සහ ආරක්ෂක හමුදා භටයින් අද (23 Nov) උදැසන සිට ඉවත් වී තිබේ.

දේශසීමාවෙහි මුරපොළවල් 27ක් ඔස්සේ, පොලිස් සහ ආරක්ෂක හමුදා භටයින් විසින් දේශසීමා නීති කඩකරන්නන් හට අදාළ නීතීන් ක්‍රියාත්මක කළේය.

ඊයේ දිනයේදී (22 Nov) NSW ප්‍රාන්තයෙන් කිසිදු ප්‍රජා සම්ප්රේෂණයක් වාර්තා වී නොමැති අතර, හෝටල් නිරෝධායනයේ පසු වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

දේශසීමා ආසන්නයේ පිහිටි ප්‍රදේශයක් වන Albury හි සංචාරය කල NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටියේ අද සිට ප්‍රාන්ත දෙක අතර කිසිදු වෙනසකින් තොරව සෑම අයකුටම සාමාන්‍ය ලෙස ගමන් කිරීමේ හැකියාව හිමිවන අතර එය NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙක නව අදියරකට පිවිසීමක්ද වන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now