SKIP TO MAIN CONTENT

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අද යළිත් භයානක ලැව් ගිනි අවධානමකට මුහුණ දෙමින් සිටින අතරේ කැන්බරා, දකුණු සහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වලටද අද ඉතා උණුසුම් කාලගුණ අවධානමක්

RFS volunteers and NSW Fire and Rescue officers fight a bushfire encroaching on properties near Termeil on the Princes Highway between Batemans Bay
RFS volunteers and NSW Fire and Rescue officers fight a bushfire encroaching on properties in NSW. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය යළිත් භයානක ලැව් ගිනි තත්වයන්ට මුහුණ දෙමින් සිටින බැවින් එය සුළුකොට නොතකන ලෙසට ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් අනතුරු අඟවා සිටී .

අහිතකර කාලගුණික තත්ත්වයන් තුළ නව ලැව් ගිනි තර්ජන ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බැවින් ගිනි නිවන භටයින් නව මෙහෙයුම් සඳහා කටයුතු කරමින් සිටි.

ප්‍රාන්තය තුල තවමත් සක්‍රියව පවතින ලැව්ගිනි සංඛ්‍යාව 87 ක් බව වාර්තා වේ. ඉන් අඩක් තවමත් පාලිත තත්වයට ගෙන ඒමට හැකිව නොමැති බවද සඳහන්. අද සවස් කාලය වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා හමා යාහැකි අකුණු කෙටීම් සහිත වියලි කුණාටු තත්වය හේතුවෙන් තත්වය තවත් අනතුරුදායක වියහැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.

පසුගිය මාස කිහිපයක සිට ප්‍රාන්තයේ කාලගුණ තත්වය ඉතා බියකරු තත්වයක පවතින බැවින් මෙම ග්‍රීෂ්ම ඍතුවේ ඉදිරි කාලය ඉතා අනතුරුදායක වියහකිබව ප්‍රාන්ත අගමැතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් පවසා සිටියාය.

අද දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරටරියෙහි අංශක 40 ට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති වීමට නියමිත බැවින් හැකි සෑම විටම ගෘහස්ථව රැඳී සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

තාප තරංග රටෙහි බටහිර දිශානතියට සමීපව ගමන්කිරීම නිසා අද දිනයේදී බටහිර හා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල උෂ්ණත්වය ද අංශක 35 ට වඩා ඉහළ අගයක් ගැනීමට නියමිතයි.

නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය රිචඩ් බෘම් පවසන්නේ අධික තාපය හා ලැව්ගිනි හේතුවෙන් ඇතිවන දුම් සහිත වාතය හේතුවෙන් අමතර සෞඛ්‍ය අවදානමක් ඇතිවිය හැකි බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now