SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ NSW හි පර්යේෂකයන් පිරිසක් ලොව ප්‍රථම වරට කොරෝනා වයිරසයේ ජාන අනුපිලිවෙල සොයා ගනී (SBS සිංහල / වාර්තා )

s
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ලෝකයේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ NSW පර්යේෂකයන්ට කොරෝනා වයිරසයේ ජාන අනුක්‍රමය (genome sequence )  හෙළි කර ගැනීමට හැකි වී ඇති බව, NSW හි සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පවසයි . මෙමගින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙම වයිරසය හා සටන් කිරීමට තවත් තොරතුරක් ලැබේ.

මෙම ජාන අනුපිලිවෙල සිඩ්නි නුවර Westmead රෝහලේ සිටින රෝගියෙකුගෙන් ලබා ගත්  සාම්පලයකින් වෙන් කොට ගෙන තිබේ. මේ වන විට ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස ආසාධිතයින් 15 දෙනෙකු හමු වී ඇති අතර, එයින් 4 දෙනෙකු නිව් සවුත් වේල්ස් හි වන අතර එයින්  තුන් දෙනෙකු සුව වී නික්ම ගොස් ඇත. අනෙක් රෝගීන් වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා හා ක්වීන්ස්ලන්තයේ වේ.

මෙම පර්යේෂකයන් මෙම වයිරසයේ ප්‍රබේද 8ක් හඳුනා ගෙන ඇති අතර එමගින් සම්පුර්න  වයිරසයේ ජාන අනුක්‍රමය පිහිට ඇති අයුරු තහවුරු කර ගැනීමට හැකි වී තිබේ. මෙම තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙනු ඇති අතර එමගින් කොරෝනා වයිරසය සදහා එන්නතක් සෙවීමේ පර්යේෂකයන්ට පහසුවක් ලැබේ. Hazzard මහතා පවසන්නේ මෙය ඒ සදහා වන පර්යේෂණ වලට මහත් රුකුලක් වනු ඇති බවයි.

NSW Health Pathology හි මහාචාර්ය  Dominic Dwyer පවසන්නේ මෙම පර්යේෂණ මගින් මෙම වයිරසය ලෝකයේ නොයෙක් ප්‍රදේශ වලදී වෙනස් වන ආකාරය පිලිබදව සොයා ගැනීමට හැකි වන බවයි. එසේම මෙම ජාන අනුපිලිවෙල ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියට ඇතුලත් කර ඇත්තේ ලෝකයේ පර්යේෂකන්ට සංසන්දනය සදහායි.

මෙමගින් එන්නත් නිපදවීම සදහා සහයක් වනු ඇති. එසේම මේ වන විට වසංගතය අධ්‍යනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මුලිකත්වයෙන් පර්යේෂකයින් පිරිසක් චීනය බලා ගොස් තිබේ. එහි ප්‍රධානියා වන්නේ කැනඩාවේ බෝවන රෝග හා හදිසි අවස්ථා පිළිබද විශේෂඥ වෛද්‍ය Bruce Aylward වේ. 

චීනයේ මේ වන විට මෙම වයිරසය නිසා 908 දෙනෙකු මිය ගොස් ඇති අතර චීන සෞඛ්‍ය අමාත්යංශය පවසන්නේ ආසාධිත ගණන 40000 ඉක්මවන බවයි. චීනයෙන් පිටත ආසාධිතයන් 360කට වැඩි ප්‍රමාණයක් හමු වී තිබේ.

Source:SBS News


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now