Blue Mountains සහ Wollongong නගර සභා කලාප ඇතුළුව Greater Sydney කලාපයේ වැසියන්ට මේ වන විට Stay at home හෙවත් නිවසේ රැදී සිටිය යුතුය යන නීතිය බල පැවැත්වේ.
නමුත් කොවිඩ් එන්නත ලබාදීමේ අනුපාතය වැඩි වන විට ඇතැම් කොවිඩ් නීති හා සීමාවන් ලිහිල් කෙරේ.
මෙම Delta ප්‍රභේදයේ බරපතල පැතිරීම නිසා Sydney කලාපයේ නගර සභා කලාප 12 ක් දැඩි අවදානම් කලාප ලෙස NSW Health හඳුනාගෙන තිබේ.
2021 සැප්තැම්බර් 13 සිට පහත කොවිඩ් නීති හා සීමාවන් අදාළ වේ.
ඉහත කොවිඩ් අවදානම් නගර සභා කලාප දොළහෙන් පිටත සිටින කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට (ළමයින් ඇතුළත් නොවේ) තමාගේ නගර සභා කලාපය තුළ හෝ තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක් ඇතුළත උපරිම 5 දෙනෙකු දක්වා එළිමහනේ රැස්විය හැකිය.
ඉහත කොවිඩ් අවදානම් නගර සභා කලාප දොළහ තුළ ඇති නිවසක සියලු වැඩිහිටියන් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇතිනම් ඔවුන්ට පවතින නීතිරීතිවලට අනුකූලව උපරිම පැයක කාලයක් දක්වා තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුරක් ඇතුළත විනෝද චාරිකා ඇතුළුව විනෝදය සඳහා එළිමහනේ රැස්වීමට අවසර ලැබේ.
මෙය ව්‍යායාම කිරීම සඳහා ලබා දී ඇති පැයක කාලයට අමතරව වේ.
සෑම විටම කොවිඩ් එන්නත ලබාගත් බවට වූ ඔබේ කොවිඩ් එන්නත් සහතිකය ඔබ සතුව තිබිය යුතුය.

NSW ප්‍රාදේශීය කලාප
කොවිඩ් වසංගතයට අඩු අවදානමක් ලෙස සැලකෙන සහ සැප්තැම්බර් 11 දා lockdown කිරීමෙන් පසු අවම වශයෙන් දින 14 ක් හෝ කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ ඇතැම් NSW ප්‍රාදේශීය කලාප සඳහා ඇතැම් කොවිඩ් නීති ක්‍රියාත්මක වේ.
කලාපීය එන්එස්ඩබ්ලිව් හි සමහර කොටස් සැප්තැම්බර් 11 දා අගුලු දැමීමෙන් මතු වූ නමුත් සමහර සීමා කිරීම් යටතේ දිගටම ක්‍රියාත්මක වනු ඇත.
NSW ප්‍රාදේශීය කලාපවල stay at home හෙවත් නිවසේ රැඳී සිටිය යුතු යන නියෝග ඉවත් කර ඇති නගර සභා කලාපවල:
- නිවසට උපරිම අමුත්තන් 5 දෙනෙක් (වයස අවුරුදු 12 ට අඩු ළමුන් අඩංගු නොවේ) ගෙන්වාගත හැකිය.
- එළිමහනේ උපරිම පුද්ගලයින් 20 කට රැස්විය හැකිය.
- කොවිඩ් නීති හා සීමාවන්ට යටත්ව අවන්හල්, ආපන ශාලා වැනි hospitality ස්ථාන, සිල්ලර වෙළෙඳ සැල් සහ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කළ හැකිය.
සිඩ්නි මෙට්‍රොපොලිටන් කලාපයේ සිතියම

කොවිඩ් එන්නත ලබාගත් පිරිස 70% ත් 80% ත් වූ පසු කොවිඩ් නීති වැඩි ප්‍රමාණයක් ඉවත් කෙරේ
කොවිඩ් එන්නත් ලබාගැනීම වැඩි වන විට, මාත්‍රාවන් දෙකම ලබාගත් අය සඳහා වැඩියෙන් කොවිඩ් නීති හා සීමාවන් ඉවත් කළ හැකිය.
කොවිඩ් එන්නතේ මාත්‍රාවන් දෙකම ලබාගත් පිරිස 70% මට්ටමට ළඟා වූ විට මාත්‍රාවන් දෙකම ලබාගත් අය සඳහා පවුල්, කර්මාන්ත, ප්‍රජාවන් සහ ආර්ථික ක්ෂේත්‍ර සඳහා පනවා ඇති කොවිඩ් නීති හා සීමාවන් ඉවත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
එම 70% මට්ටමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ළඟා වී ඇති නිසා පසුගිය සඳුදා (සැප්තැම්බර් 13) සිට කොවිඩ් එන්නතේ මාත්‍රාවන් දෙකම ලබාගත් වැඩිහිටියන් සඳහා Stay-at-home නීති ඉවත් කර ඇත.
NSW ප්‍රාන්තය යළි විවෘත කිරීමේ සැලසුම අනුව කොවිඩ් නීතිවලින් නිදහස ලැබීමට හැකිවන්නේ කොවිඩ් එන්නතේ මාත්‍රාවන් දෙකම ලබාගත් පුද්ගලයින්ට සහ සෞඛ්‍ය හේතු මත එන්නත ලබාගැනීමට නොහැකි බවට අවසර ලැබූ පුද්ගලයින්ට පමණි.
එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 80% මට්ටමට ළඟා වූ විට තවත් අමතර කොවිඩ් නීති හා සීමාවන් ඉවත් කෙරෙන අතර එම විස්තර තවමත් සකස් කරමින් පවතී.
Greater Sydney, Central Coast, Shellharbour, Blue Mountains, Wollongong සිතියම

ඔබට www.sbs.com.au/language/coronavirus හරහා භාෂා 60 කට වැඩි ගණනකින් නිතිපතා යාවත්කාලීනවූ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තොරතුරු ලබා ගත හැකිය.

