SKIP TO MAIN CONTENT

මාස හතරකට පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා කරයි

NSW Premier Gladys Berejiklian speaks to the media during a press conference in Sydney, Wednesday, July 29, 2020. Pop up testing clinics have been set up in Sydney following a series of coronavirus clusters. (AAP Image/Dean Lewins) NO ARCHIVING
新州過去24小時錄得9宗新冠確診個案 Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මාස හතරක පමණ කාලයකින් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දෛනිකව අලුතින් වාර්තා කළ ඉහළම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (11/08) වාර්තා කළේය.

ඒ අනුව ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 22 ක් වාර්තා වූ අතර ඉන් ආසාදිතයින් 8 දෙනෙකු Cherrybrook හි පිහිටි Tangara කාන්තා පාසල ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරට සම්බන්ධය.

මීට පෙර මෙවැනි ඉහළ අගයක් වාර්තා වුයේ අප්‍රේල් 16 වන දින වූ අතර එහි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 29 කි.

Tangara කාන්තා පාසල ආශ්‍රිතව වාර්තා වූ පළමු ආසාදිතයා වාර්තා වුයේ පසුගිය බ්‍රහස්පතින්දා (06/08) වන අතර මේ වන විට එයට සම්බන්ධ කොරෝනා පොකුරට ආසාදිතයින් 17 ක් අඩංගු වේ.

මේ සමගම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් ආශ්‍රිතව කොරෝනා වයිරස් පොකුරු වර්ධනය වන බවක් වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් වල සිසුන් ගණනාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පාසල් කිහිපයක්ම වසා දැමීමට මේ වන විට සිදුවී තිබේ.

Batemans Bay රජෙය් පාසල, Batemans Bay High School සහ Bonnyrigg Heights රජයේ පාසල එලෙස පසුගියදා වසා දැමූ පාසල් වේ.

Cherrybrook හි පිහිටි Tangara කාන්තා පාසලේ ද්විතීක පාසල අගෝස්තු 24 තෙක් වසා දැමුණු අතර කනිෂ්ඨ පාසල හෙට (12/08) දක්වා වසා දමා තිබේ.

කොරෝනා වයිරසය බෝවීමට ජ්‍යෙෂ්ඨ පාසල් සිසුන්ට ඉතා ඉහළ අවදානමක් ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now