නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම වැසියන් සඳහා COVID-19 පරීක්ෂණය සිදු කිරීමට ප්‍රාන්ත රජය සහ සෞක්‍ය අංශ පියවර ගනී. (SBS සිංහල / වාර්තා)

کارکنان بیمارستان

Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම නගර සහ මිලියන 5.3 ක් වූ සියලුම ප්‍රාන්ත වැසියන් ආවරණය වන පරිදි  COVID-19 පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ. එසේම එම ප්‍රාන්තයේ සිටින ඕනෑම පුද්ගලයකු යන්තමින් හෝ වෛරස රෝගලක්ෂණ පෙන්වයි නම් එම පුද්ගලයා පරීක්ෂණ සඳහා සහභාගී වීම අනිවාර්ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞක්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant පවසයි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සහ Contact tracing තාක්ෂනය වැඩිදියුණු කිරීම වැනි කරුණු නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් කොරෝනා වෛරසය පාලනය කිරීමට පනවා ඇති සීමා ලිහිල් කරන බවට අග්‍රාමාත්‍ය Scott Morrison පසුගියදා සිදුකල ප්‍රකාශය මෙම වැඩපිළිවෙල සඳහා හේතු වී ඇතැයි වාර්තා වේ.

NSW Premier Gladys Berejiklian
NSW Premier Gladys Berejiklian speaks to the media during a press conference in Sydney. Source: AAP

පරීක්ෂණ කටයුතු පුළුල් ලෙස සිදුකිරීම සඳහා පෞද්ගලික වෛද්‍ය පරීක්ෂනාගාර යොදාගැනීමට නියමිත අතර ඒ පිළිබඳව සාකච්චා සිදුකෙරේ. මෙමගින් දැනට දිනකට සිදුකෙරෙන 4,500 සිට 5,000 දක්වා වූ පරීක්ෂණ තවදුරටත් ඉහල නංවමින් කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා කටයුතු කල හැකි බව නිව් සවුත් වේල්ස් අගමැතිනි Gladys Berejiklian අවධාරණය කොට තිබේ. එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය සඳහා පරීක්ෂණ සිදුකරමින් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගත් අතර එමගින් සාර්ථක ප්‍රතිපල ලැබුණු බවද අගමැතිනිය සඳහන් කොට තිබේ.

මෙම වෛරස පරීක්ෂණ කටයුතු මගින් ක්‍රමිකව සෑම නිව් සවුත් වේල්ස් වැසියෙකුම පරීක්ෂා කිරීමට යම් කාලසීමාවක් ගතවන අතර ඒ සඳහා සුදානමින් පසුවන බව සෞක්‍ය බලධාරීන් සඳහන් කොට තිබේ.එමෙන්ම කොපමණ ප්‍රමාණයක පිරිසක් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිදේහ නිපදවා ඇතිදැයි දැනගැනීමට මෙවැනි ආකාරයේ පරීක්ෂණ ඉතා වැදගත් බවද ඔවුන් පෙන්වා දී තිබේ.

Lab testing
Source: Flickr

පරීක්ෂණ කටයුතුවලදී COVID-19 වෛරසය සම්බන්ධයෙන් වාර්තා වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Inner West හි නගර ප්‍රදේශ, නැගෙනහිර නගර, ලිවර්පූල් ප්‍රදේශය, මේරිලන්ඩ් ප්‍රදේශය, පැරමටා ප්‍රදේශය, බ්ලැක්ටවුන් ප්‍රදේශය සහ පෙන්රිත් යන ප්‍රදේශයන් පිළිබඳව සෞක්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමු කොට ඇතැයි වාර්තා වේ.

SBS Radio
Source: SBS Radio

Share

2 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now