SKIP TO MAIN CONTENT

කොරෝනා ආසාදිතයින් ගමන් කොට ඇති නව ස්ථාන ලැයිස්තුව NSW Health මගින් යාවත්කාලීන කරයි

A man receives a COVID-19 test at a drive-through testing station in Sydney.
A man receives a COVID-19 test at a drive-through testing station in Sydney. Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

මේ අනුව ඔවුන් සඳහන් කරන්නේ දෙසැම්බර් මාසය තුල ඕනෑම වෙලාවක Belrose හි Belrose Hotel වෙත ගිය පුද්ගලයින් වහාම පරීක්ෂා කරගතයුතු අතර එම පරීක්ෂණ ප්‍රතිපල ලැබෙන තුරු හුදකලා කාල සීමාවකට යටත් වන ලෙසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant සඳහන් කොට සිටින්නේ හඳුනා නොගත් ආසාදිතයින් පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම ඔස්සේ මේ වනවිට පවතින හඳුනා නොගත් වෛරස දාම සොයාගැනීමට පහසු වන බවයි.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් ගිය ස්ථාන සඳහා වල සිටි පුද්ගලයින් සහ ඔවුන් ඇසුරු කල පිරිස දින 14ක් හුදකලා කාලයකට යටත් වීම මත වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දැනගත හැකි බවද ඇය සඳහන් කරයි.

මෙම නව ලැයිස්තුව සඳහා බටහිර සිඩ්නි හි Casula සාප්පු සංකීර්ණය සහ ඔසුසලක් ඇතුලු ප්‍රදේශයේ ස්ථාන 4ක් අලුතින් ඇතුලත් කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now