Latest

නව COVID රැල්ලක ආරම්භය ගැන NSW ප්‍රාන්තය ඉඟි කරයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Shutdown Causes Chaos On Sydney Rail Network

Commuters wait for light rail service at Town Hall Station in Sydney. Credit: Roni Bintang/Getty Images

COVID-19 සහිත පුද්ගලයින් ඇතුළත් කිරීම් අපේක්ෂාවෙන් හදිසි ප්‍රතිකාර අංශ වෙත ඉදිරිපත් වන සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව NSW Health පැවසුවේය.

මෙම වැඩිවීම් කොවිඩ් සම්ප්‍රේෂණයේ නව රැල්ලක ආරම්භය සනිටුහන් කිරීමට ඉඩ ඇති බවද ඔවුහු සඳහන් කළහ.

"තවමත් ඉතා මිශ්‍ර කොවිඩ් ප්‍රභේද සමූහයක් සංසරණය වෙමින් පවතිනවා. අපි CH.1.1 සහ XBB උප ප්‍රභේදවල, විශේෂයෙන්ම XBB.1.5 හි අඛණ්ඩ වර්ධනයක් දකිනවා," NSW Health බ්‍රහස්පතින්දා සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කළේය.

"මෙම උප ප්‍රභේදයන් ප්‍රතිශක්තිකරණයෙන් ගැලවීමේ හෝ සම්ප්‍රේෂණයේ වාසි ලබා දෙන විකෘති බෙදා ගන්නා බවද ඔවුහු ප්‍රකාශ කළහ.
NSW ප්‍රාන්තය පසුගිය සතියේ 7,163 ට සාපේක්ෂව මාර්තු 10 වනදා වන විට නව සතිපතා COVID රෝගීන් 7,871 ක් වාර්තා කළේය.

වික්ටෝරියා ප්‍රාන්තයද සතිපතා කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක් වාර්තා කළේය. මෙම සතියේ කොවිඩ් රෝගීන් 3,016 සිට 3,319 දක්වා වර්ධනය විය.

2022 දී ඔස්ට්‍රේලියාවේ අමතර මරණ 20,000 කට වඩා වාර්තා විය. මෙම මරණවලට මූලික වශයෙන් COVID-19 වසංගතය හේතු වී තිබෙන බව පර්යේෂකයෝ ප්‍රකාශ කළහ.

සිලිකන්, රත්‍රන් සහ තඹ වැනි ද්‍රව්‍යවලට කොරෝනා වයිරසයේ ස්පයික් ප්‍රෝටීන් විනාශ කළ හැකි බව Curtin විශ්ව විද්‍යාලයේ නව පර්යේෂණයකින් පෙන්නුම් කළේය.

මෙම ද්‍රව්‍ය වායු පෙරහන් තුළ, බංකු, මේස සහ බිත්ති සඳහා ආලේපනයක් ලෙස හෝ පිසදැමීමේ රෙදි සහ මුහුණු ආවරණ රෙදි වල කොරෝනා වයිරස් ග්‍රහණය කර ගැනීමට භාවිතා කළ හැකි බව එම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂක වෛද්‍ය Nadim Darwish පැවසුවේය.

“මේ ආකාරයෙන් කොවිඩ් වයිරස් අල්ලා ගැනීමෙන්, අපි ඒවා වැඩි පිරිසකට ළඟා වීම හා ආසාදනය වීම වළක්වනවා” යනුවෙන් වෛද්‍ය ඩාර්විෂ් පැවසීය.
මුල් single-strain එන්නත් වලට වඩා නව bivalent එන්නත් COVID-19 ට එරෙහිව 1.6 ගුණයක හොඳ ප්‍රතිශක්තියක් ලබා දෙන බව UNSW හි Kirby ආයතනය විසින් කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කළේය.

ඉන්ෆ්ලුවෙන්සා සමයේ උච්චතම අවස්ථාවට (ජුනි සිට සැප්තැම්බර් දක්වා) ආරක්ෂාව සැපයීම සඳහා වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත අප්‍රේල් මාසයේ සිට ලබාගත යුතු බව සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව පැවසුවේය.

"එන්නත් තොග ලබා ගත හැකි විගස එන්නත් කළ හැකියි. ඉන්ෆ්ලුවෙන්සා එන්නත් ඕනෑම COVID-19 එන්නතක් සමඟ එකවර ලබාගත හැකියි," යනුවෙන්ද දෙපාර්තමේන්තුව පැවසුවේය.

පසුගිය දින 28 තුළ ඊට පෙර දින 28 ට සාපේක්ෂව ගෝලීය COVID රෝගීන්ගේ 58% ක අඩුවීමක් සහ මරණ සංඛ්‍යාව 65% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 8 වන දින සිය නවතම වාර්තාවේ ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව, ජපානය, චීනය, ජර්මනිය සහ රුසියාව රටවල් මට්ටමින් වැඩිම COVID රෝගීන් වාර්තා කර ඇත.

සතිපතා BA.5 ආසාදන 55.7% සිට 27.2% දක්වා අඩු වී ඇති අතර, ප්‍රතිසංයෝජන ප්‍රභේදවලට ආරෝපණය වූ සිද්ධීන් 25.1% සිට 44.1% දක්වා වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේය.
WHO.JPG
Weekly global cases. Source: WHO Credit: Sahil Makkar
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service