COVID-19 සහිත පුද්ගලයින් ඇතුළත් කිරීම් අපේක්ෂාවෙන් හදිසි ප්‍රතිකාර අංශ වෙත ඉදිරිපත් වන සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබෙන බව NSW Health පැවසුවේය.
මෙම වැඩිවීම් කොවිඩ් සම්ප්‍රේෂණයේ නව රැල්ලක ආරම්භය සනිටුහන් කිරීමට ඉඩ ඇති බවද ඔවුහු සඳහන් කළහ.
"තවමත් ඉතා මිශ්‍ර කොවිඩ් ප්‍රභේද සමූහයක් සංසරණය වෙමින් පවතිනවා. අපි CH.1.1 සහ XBB උප ප්‍රභේදවල, විශේෂයෙන්ම XBB.1.5 හි අඛණ්ඩ වර්ධනයක් දකිනවා," NSW Health බ්‍රහස්පතින්දා සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කළේය.
"මෙම උප ප්‍රභේදයන් ප්‍රතිශක්තිකරණයෙන් ගැලවීමේ හෝ සම්ප්‍රේෂණයේ වාසි ලබා දෙන විකෘති බෙදා ගන්නා බවද ඔවුහු ප්‍රකාශ කළහ.
වික්ටෝරියා ප්‍රාන්තයද සතිපතා කොවිඩ් රෝගීන්ගේ සුළු වැඩිවීමක් වාර්තා කළේය. මෙම සතියේ කොවිඩ් රෝගීන් 3,016 සිට 3,319 දක්වා වර්ධනය විය.
2022 දී ඔස්ට්‍රේලියාවේ අමතර මරණ 20,000 කට වඩා වාර්තා විය. මෙම මරණවලට මූලික වශයෙන් COVID-19 වසංගතය හේතු වී තිබෙන බව පර්යේෂකයෝ ප්‍රකාශ කළහ.
සිලිකන්, රත්‍රන් සහ තඹ වැනි ද්‍රව්‍යවලට කොරෝනා වයිරසයේ ස්පයික් ප්‍රෝටීන් විනාශ කළ හැකි බව Curtin විශ්ව විද්‍යාලයේ නව පර්යේෂණයකින් පෙන්නුම් කළේය.
මෙම ද්‍රව්‍ය වායු පෙරහන් තුළ, බංකු, මේස සහ බිත්ති සඳහා ආලේපනයක් ලෙස හෝ පිසදැමීමේ රෙදි සහ මුහුණු ආවරණ රෙදි වල කොරෝනා වයිරස් ග්‍රහණය කර ගැනීමට භාවිතා කළ හැකි බව එම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂක වෛද්‍ය Nadim Darwish පැවසුවේය.
“මේ ආකාරයෙන් කොවිඩ් වයිරස් අල්ලා ගැනීමෙන්, අපි ඒවා වැඩි පිරිසකට ළඟා වීම හා ආසාදනය වීම වළක්වනවා” යනුවෙන් වෛද්‍ය ඩාර්විෂ් පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා සමයේ උච්චතම අවස්ථාවට (ජුනි සිට සැප්තැම්බර් දක්වා) ආරක්ෂාව සැපයීම සඳහා වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත අප්‍රේල් මාසයේ සිට ලබාගත යුතු බව සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව පැවසුවේය.
"එන්නත් තොග ලබා ගත හැකි විගස එන්නත් කළ හැකියි. ඉන්ෆ්ලුවෙන්සා එන්නත් ඕනෑම COVID-19 එන්නතක් සමඟ එකවර ලබාගත හැකියි," යනුවෙන්ද දෙපාර්තමේන්තුව පැවසුවේය.
පසුගිය දින 28 තුළ ඊට පෙර දින 28 ට සාපේක්ෂව ගෝලීය COVID රෝගීන්ගේ 58% ක අඩුවීමක් සහ මරණ සංඛ්‍යාව 65% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 8 වන දින සිය නවතම වාර්තාවේ ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව, ජපානය, චීනය, ජර්මනිය සහ රුසියාව රටවල් මට්ටමින් වැඩිම COVID රෝගීන් වාර්තා කර ඇත.
සතිපතා BA.5 ආසාදන 55.7% සිට 27.2% දක්වා අඩු වී ඇති අතර, ප්‍රතිසංයෝජන ප්‍රභේදවලට ආරෝපණය වූ සිද්ධීන් 25.1% සිට 44.1% දක්වා වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කළේය.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

