SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේ අධික උණුසුම යලි ලැව්ගිනි වලට අතවනද්දී හිටපු අගමැති වත්මන් අගමැතිගේ ලැව්ගිනි ගැන අවබෝදය හාස්‍යට ලක්කරයි

.
.

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී (23 Jan) උණුසුම් හා වියලි සුළං සහිත කාලගුණ යක් පවතිනු ඇති බැවින් දැඩි ලැව්ගිනි තත්වයක් නැවත ඇතිවිය හැකි බව කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා සිටි.

පසුගිය සතිය පුරා ප්‍රාන්තයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ලැව්ගිනි ඇතිවුණු ප්‍රදේශවලට යම් සහනදායි වාතාවරණයක් උද්ගත වුවද අධික උෂ්ණත්වය සහ සුළං මගින් නැවතත් ලැව්ගිනි අවධානම ඇතිවිය හැකිබව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවය ද අනතුරු අඟවා සිටි.

දකුණු වෙරළ තීරයේ නව්රා හි උෂ්ණත්වය අංශක 40 ක්, බටහිර සිඩ්නි හි පෙන්රිත්හි ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක්, හන්ටර් කලාපයේ සෙස්නොක්හි උෂ්ණත්වය අංශක 41 ක්, ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරයේ බුලාඩේලාහි අංශක 42 ක් දක්වා ආදී වශයෙන් අද දිනය තුලදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා ඉහල අගයක් වාර්තා වනු ඇති බවද කාලගුණ අංශ පවසා සිටි.

Total fire ban හෙවත් ගිනි ඇවිලවීම් හෝ ඒ ආශ්‍රිත ක්‍රියා තහනම සහ දැඩි ගිනි අවදානම් ශ්‍රේණිගත කිරීම් අද දිනයේදී සිඩ්නි, ග්‍රේටර් හන්ටර්, ඉලවරා / ෂොල්හැවන්, ප්‍රාන්තයේ දකුණු සහ මධ්‍යම කලාප සහ වයඹ දිග දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ.

අගමැති මොරිසන්ගේ ලැව්ගිනි සංවේදීතාව හිටපු අගමැති ටර්න්බුල් හාස්‍යට ලක්කරයි...

මේ අතර ලැව්ගිනි අර්බුදය පිළිබඳව අගමැති ස්කොට් මොරිසන්ගේ ක්‍රියාකලාපය සම්බන්දව වන නවතම මහජන විවේචකයා බවට හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් පත්ව තිබේ. BBC සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ටර්න්බුල් මහතා පවසා ඇත්තේ මෙම ලැව්ගිනි සමය ඉතා අන්තරායකර එකක් වනු ඇති බවට මත පලව තිබියදීත් අගමැති මොරිසන් විසින් කල යුතුව තිබුනේ තමා හමුවීමට පසුගිය මාර්තු මාසයේ සිට අපේක්ෂාවෙන් සිටි, හිටපු ගිනි නිවන අංශ ප්‍රධානියා හමුවී අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්චා කිරීම බවයි.

හිටපු අගමැති ටර්න්බුල් මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ පවසන්නේ, අගමැති මොරිසන් දැන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලැව්ගිනි අතරතුර හවායි හි නිවාඩු ගත කිරීමට ගිය අගමැති ලෙසට බවයි.

මෙවැනි කරනා දුර්වල නායකත්වයට උදාහරණ බවයද හිටපු ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එහිදී පවසා තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now