SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙහි දැනට කොරෝනා නිසා පනවා ඇති දෛනික කටයුතු සීමා කිරීම් මස 3ක් දක්වා දීර්ඝ වන ලකුණු

NSW Police Commissioner Mick Fuller and NSW Police Minister David Elliott address media
NSW Police Commissioner Mick Fuller and NSW Police Minister David Elliott address media Source: AAP Image/Dan Himbrechts

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙහි දැනට ක්‍රියාත්මක ප්‍රාන්තයේ දෛනික කටයුතු සීමා කිරීම් දින 90 ක කාලයක් දක්වා පැවතිය හැකි බව නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරි මික් ෆුලර් පවසා සිටි.

අද උදෑසන (2 April) අදහස් දක්වමින් ඔහු තවදුරටත් පවසා සිටියේ කොරෝනා වෛරසය අසාදීත බවට තහවුරු වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙහි කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නව සීමාවන් අවශ්‍ය බවයි.

කොරෝනා වෛරසය අසාදනයෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ මියගිය සංඛ්‍යාව 21 ක් වන අතර ඉන් 10 ක් නිව් සවුත් වේල්සයේ සිදුවිය. ප්‍රාන්තය තුල කොරෝනා අසාදිත සමස්ත සංඛ්‍යාව 2298 ක් ලෙසට වාර්තා වේ.

ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Mick Fuller පවසන්නේ COVID-19 පැතිරීම අවම කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස රට පුරා දැඩි ස්වයං හුදකලා ක්‍රියාමාර්ග, ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now