SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලීසිය සිය මෙහෙයුම් ඉලක්ක සම්පුර්ණ කර ගැනීමේ අරමුණින් පමණක් සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදු කරන බවට විවේචන එල්ල වේ (SBS සිංහල / වාර්තා )

nsw
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

වසර 2018-19 යන කාලය තුල NSW පොලීසිය විසින් නිරුවත් කොට පරීක්ෂා කිරීම ඇතුළු පෞද්ගලික පරීක්ෂා කිරීම් 238,000 සිදුකොට තිබේ. NSW හි ග්‍රීන්ස්  පක්ෂ මන්ත්‍රී  David Shoebridge විසින්තොරතුරු දැනගැනීමේ  පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව පොලීසිය Command Performance Accountability System (COMPASS) නම් වැඩපිළිවෙල යටතේ පසුගිය වසරේ 241,632 ක් එසේ පරීක්ෂාවට ලක් කිරීමේ ඉලක්කයක් සාදා ගෙන තිබේ.

 

ඔවුන් මෙසේ පරීක්ෂා ඉලක්කයට ආසන්න ලෙස 238,000ක් පෞද්ගලික පරීක්ෂා සිදුකොට තිබේ. NSW පොලීසිය මේ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ප්‍රජාවට   එරෙහි අපරාද වැලැක්වීම සදහා මෙම ක්‍රියාමාර්ග ගන්න බවයි.

 

ඒ නිසා සෑම  පොලිස් බල ප්‍රදේශයකම දිස්ත්‍රික් කොමදෝරු වරයා විසින් වසරකට දෙවරක් ක්‍රියාශීලී ලෙස පරීක්ෂා සිදු කිරීම ආදී මෙහෙයුම් පිළිබද වාර්තාවක්  වේ.NSW පොලීසිය තවදුරටත් පවසන්නේ මෙම පරීක්ෂා කිරීම් නිසා ප්‍රාන්තයේ අපරාධ අඩු කිරීමට පිටිවහලක් ඇති වී ඇති බවයි.

 

NSW හි Law Enforcement (Powers and Responsibilities) නම් පනත යටතේ යම් ආරක්ෂක නිලධාරියෙකු පුද්ගල පරීක්ෂාවක් කිරීමේ දී ඒ සදහා සාධාරණ සැකයක් තිබිය යුතුයි. එබැවින් ග්‍රීන්ස් පක්ෂයේ Shoebridge මහතා පවසන්නේ මෙසේ පරීක්ෂා කිරීම් පොලිසියේ ඉලක්ක  සපුරා ගැනීම සදහා සිදු කෙරෙන බවයි. මෙසේ පෞද්ගලිකත්වයට බලපෑම් කරන පරීක්ෂා කිරීම් නිසා මානසිකව පීඩා ගෙන දෙන නිසා එවන් පරීක්ෂා කිරීම් අතවශ්‍ය බවට නිර්ණය කිරීමෙන් පසුව සිදු කල යුතු බව ඔහු පවසයි.

The Redfern Legal Centre නම් සංවිධානය NSW හි විගණකාධිපති වරයාගෙන් ඉල්ලා තිබෙන්නේ මේ පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස.

මේ අතර NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian ද මේ පිලිබදව නීති උපදෙස්  බලාපොරොත්තුවෙන් සිටින අතර  මේ පිළිබද ව අදහස් දැක්විය යුත්තේ NSW පොලිස් කොමසාරිස්වරයා විසින් බවත් ඇය ප්‍රකාශ කොට ඇත.

 

Source: SBS News

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now