SKIP TO MAIN CONTENT

තරුණ දරුවන් නිරුවත් කොට පරීක්ෂා කිරීම පිලිබදව NSW ප්‍රාන්ත පොලීසියට නැවතත් චෝදනා (SBS සිංහල/ වාර්තා)

s
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

සිඩ්නි නුවර පැවැත්වුණු සංගීත ප්‍රසංගයකදී තරුණ පිරිසක් නිරුවත් කොට පරීක්ෂා කිරීම නිසා NSW පොලීසියට නැවතත් චෝදනා එල්ල වෙමින් පවතී. Good Life Lost City music festival හිදී මෙසේ පරීක්ෂා කිරීම් 40ක් පමණ වී ඇති අතර එයින් 12ක්‌ ම නිරුවත් කොට පරීක්ෂා කිරීම් වේ.

සිඩ්නි ඔලිම්පික් පාක් හි පැවති මෙම ප්‍රසංගය වයස අවු. 18 අඩු ලමුන් සහභාගී වූ එකක් වූ අතර NSW පොලීසිය පවසන්නේ එසේ පරීක්ෂා කල තරුණයින් 11 දෙනෙකු ලග මත්ද්‍රව්‍ය තිබු බවයි. MDMA නම් මත්ද්‍රව්‍ය රැගත් 14 හැවිරිදි දැරියක් මෙසේ හමුවී ඇති අතර 17 හැවිරිදි දැරියක් ලග MDMA 2.2g හමුවී ඇති බවත් වාර්තා වේ.

එසේම 16 හැවිරිදි දැරියක් ලග Ice නම් මත්ද්‍රව්‍ය 4g ක් හමුවී ඇති බවට පැවසේ.

එසේම 17 හැවිරිදි පිරිමි ළමයෙකු ලග MDMA කරල් 75 තිබු බවත් ඔහු නිරුවත් කොට පරීක්ෂා කිරීමේදී ඔහුගේ පාවහන් වල පිහියක් සගවා සිටි බවද පොලීසිය පවසයි.

තවද අවු.15ක දැරියක් ඇගේ යට ඇඳුම් වල මත්පැන් සගවා සිටි බවද හෙළිව තිබේ.

ග්‍රීන්ස් පක්ෂයේ අදහස

NSW හි ග්‍රීන්ස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී David Shoebridge ප්‍රකාශ කලේ මෙසේ දරුවන් පරීක්ෂා කිරීම ඔවුන් අපයෝජනයට ලක් කිරීමක් බව. මෙම දරුවන් ප්‍රකාශ කොට ඇත්තේ මෙම පරීක්ශාවෙදී දරුවන් බිම හිඳුවා පරීක්ෂාව මගින් ඔවුන් ඉතා ලැජ්ජාවට පත්වූ බවද ඔහු පවසයි. ඔවුන් කිසිවෙකුත් මත්ද්‍රවය රැගෙන සිටියාදැයි ඔහු ප්‍රශ්න නගා තිබේ.

Redfern Legal Centre හි පොලිස් වගවීම් පිළිබද නිලධාරිනි Sam Lee පවසන්නේ වයස අවුරුදු 10-17 අතර දරුවන් නිරුවත් කොට පරීක්ශාවකදී දෙමාපියන් හෝ භාරකරුවන් සිටිය යුතු වුවත්, නමුත් පොලීසියට අවශ්‍ය හදිසි අවස්ථා වලදී එසේ අවශ්‍ය නොවන බවත් Lee පවසනවා.

ඇය තවදුරටත් පවසන්නේ නීතිය ක්‍රියාත්මක කලයුතු වුවත්, දරුවන්ගේ මානසික තත්වයට දීර්ඝ කාලීනව බලපෑම් කරන මෙම පරීක්ෂාවන් වැළක්විය යුතු බවයි.

Source: SBS News


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now