SKIP TO MAIN CONTENT

නිරෝධායනය නොවී මෙල්බර්න් ගිය මගීන්ගේ වගකීම NSW පොලිසිය භාරගනී

Virgin Australia aircraft are seen at Sydney Domestic Airport, in Sydney on 5 August , 2020.
Virgin Australia aircraft are seen at Sydney Domestic Airport, in Sydney on 5 August , 2020. Source: AAP

2 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ජර්මනියේ සිට ඕස්ට්‍රේලියාවට නැවත පැමිණි 53 හැවිරිදි කාන්තාවක සහ15 හැවිරිදි දරුවකු හෝටල් නිරෝධායනය වෙත නොගොස් සිඩ්නි හි සිට මෙල්බර්න් දක්වා ගමන් කිරීම් සිදුවීමේ වගකීම NSW පොලීසිය භාරගෙන තිබේ.

යම් වැරදීමක් හේතුවෙන් මෙම මගීන් දෙදෙනා හට මෙල්බර්න් දක්වා යාමට අවසර ලබා දී ඇති බවට ප්‍රාන්ත පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ මේ වන විට ගුවන්තොටුපල තුල පවතින සියලුම ආරක්ෂක සහ පරීක්ෂණ පද්ධතීන් තවදුරටත් ශක්තිමත් කොට ඇති බවයි.

මේ හේතුවෙන් පසුගිය සෙනසුරාදා සවස 1.25 ට මෙල්බර්න් ගුවන්තොටුපලට ගොඩබැස්වූ Virgin ගුවන් සමාගමට අයත් VA838 දරන ගුවන් යානයේ සිටි මගීන් 176 දෙනෙකු අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් කොට තිබේ.

මෙම මගීන් දෙදෙනා එක් වරක් පරීක්ෂණයකට බදුන් කොට ඇති අතර එමගින් වෛරසයට සෘණාත්මක ප්‍රතිඵල පෙන්නුම් කොට තිබේ. නමුත් වික්ටෝරියානු ප්‍රාන්ත සෞක්‍ය අමාත්‍ය Martin Foley සඳහන් කරන්නේ මොවුන් දෙදෙනා හට තවත් පරීක්ෂණයක් සිදුකරන අතර එමගින්ද සෘණාත්මක ප්‍රතිඵල ලැබුන හොත් පමණක් නිරෝධායනයේ සිටින පිරිසට එම නිරෝධායන කාලසීමාව ඉවත් කරන බවයි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රන්තයේද කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කොට තිබේ.

මේ අනුව එළිමහනේ සිදුකෙරෙන පුද්ගල රැස්වීම් සඳහා 100 දෙනෙකුට සහභාගී වීම සඳහා අවසර හිමි වේ.

ක්‍රීඩාංගන සහ සිනමා හල් සඳහා 100% ක ධාරිතාවයකට පුද්ගලයින් හට අසුන් ගැනීමට අවකාශය පවතී.

ආගන්තුක සත්කාරක සහ ආගමික ස්ථාන සඳහා එක් පුද්ගලයකුට පවතින ඉඩ ප්‍රස්ථාව වර්ග මීටර 2ක් ලෙස පවතී.

කායවර්ධන මධ්‍යස්ථාන, පබ් සහ සමාජ ශාලා සඳහා එක් පුද්ගලයකුට වර්ග මීටර 4ක් වනසේ පුද්ගලයින් 50 දෙනෙකු දක්වා වූ උපරිමයකට යටත්ව ක්‍රියාත්මක වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now