SKIP TO MAIN CONTENT

ප්‍රමාණවත් තරමේ කොරෝනා වයිරස් ආසාදන පාලනයක් නොමැති ව්‍යාපාරවලට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනීයගෙන් අනතුරු ඇඟවීම්

NSW Premier Gladys Berejiklian addressing the media in Sydney.
NSW Premier Gladys Berejiklian addressing the media in Sydney. Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ප්‍රමාණවත් තරමේ කොරෝනා වයිරස් ආසාදන පාලනයක් නොමැති ව්‍යාපාරවලට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අනතුරු ඇඟවීමක් කර තිබේ.

ප්‍රජා සම්ප්‍රේෂණයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමග ප්‍රාන්ත අගමැතිනිය මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත.

අලුතෙන් හමුවූ එම කොරෝනා ආසාදිතයින් කොරෝනා පොකුරු දෙකකින් පැවත එන බව හඳුනාගෙන තිබේ.

ඉන් එක් පොකුරක ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වන අතර එය Liverpool රෝහල ආශ්‍රිතව හටගෙන ඇති බව හඳුනාගෙන ඇත.

අනෙක් කොරෝනා පොකුරේ ආසාදිතයින් තිදෙනෙකු සිටින අතර එහි ප්‍රභවය පිළිබඳ තවමත් විස්තර සොයමින් පවතී.

මේ අතර විදෙස්ගතව සිට සිඩ්නි නුවරට පැමිණ හෝටල් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (08/10) වාර්තා විය.

කෙසේවෙතත්, කොරෝනා වයිරසයෙන් ආරක්ෂිත වීමට දැනට ප්‍රමාණවත් නොවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි ව්‍යාපාරික හා අනෙකුත් ස්ථාන පිළිබඳ සුපරීක්ෂාකාරී විය යුතු යැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ඉල්ලා සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now