SKIP TO MAIN CONTENT

2021 ජූලි 12: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 112 ක් හමුවෙයි

Greater Sydney lockdown extended by four weeks as NSW records 177 new local COVID-19 cases.
Greater Sydney lockdown extended by four weeks as NSW records 177 new local COVID-19 cases. Source: AAP Image/Mick Tsikas

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 112 ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එයින් ආසාදිතයින් 34 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබෙන විට සමාජයේ ගැවසී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 63 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එයින් 18 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතර තවත් සිව් දෙනෙකු ventilators මත සිටින බව සඳහන්.

ඊයේ දිනයේදී (11/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 46,478 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 11,467 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now