SKIP TO MAIN CONTENT

2021 ජූලි 26: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 145 ක්

Omicron cases on the rise in NSW
Omicron cases on the rise in NSW Source: AAP Image/Dan Himbrechts

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 145 ක් හමුවී තිබේ.

එම ආසදිතයින්ගෙන් 51 ක් වයිරසය බෝවන කාල පරිච්ඡේදය පුරාවටම ප්‍රජාවෙහි සිට ඇති අතර තවත් 25 දෙනෙක් ඔවුන්ගේ බෝවන කාලයෙන් කොටසක් ප්‍රජාව තුළ සිටි බව වාර්තා වේ.

ඊයේ දිනයේදී (25/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 98,158 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,448 ක් ලබා දී තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 156 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එයින් 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now