SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1887 දක්වා ඉහළ යන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තත්ත්වය බරපතල වෙයි

A health worker talks to visitors at a Covid-19 testing centre in Sydney on 23 March, 2020.
A health worker talks to visitors at a Covid-19 testing centre in Sydney on 23 March, 2020. Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

එක් දිනකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (23/03) වාර්තා විය.

ඒ අනුව ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 149 ක් වූ අතර අද උදෑසන විට එම ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 818 ක් ලෙස සඳහන්.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වන විට කොරෝනා මරණ 6 ක් ද වාර්තා වේ.

අද (24/03) උදෑසන වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1887 ක් ලෙස වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 411 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 319 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 140 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 134 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 28ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 32 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now