SKIP TO MAIN CONTENT

2021 ජූලි 01: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමුවෙයි

An empty Sydney Opera House
An empty Sydney Opera House is seen in Sydney, Tuesday, June 29, 2021 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 24 ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින් අතරින් 12 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබෙන විට සමාජය තුළ සැරිසරා ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Greater Sydney කලාපයට පනවා ඇති lockdown කාලයේදී රැකියා කටයුතු සිදුකළ අත්‍යවශ්‍ය සේවකයින් කිහිපදෙනෙකු මෙම තත්ත්වයට මුහුණ පා ඇතැයි ඇය සඳහන් කළාය.

මෙය ඉතා බරපතල තත්ත්වයක් ඇතිකළ හැකි බවට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු සැක පළ කරති.

ඊයේ දිනයේදී (30/06) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 59,941 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,716 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now