SKIP TO MAIN CONTENT

2021 ජූලි 09: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 44 ක් හමුවෙයි

Cars line up for coronavirus testing at Bondi.
Cars line up for testing at Bondi as health authorities scramble to quash a new COVID outbreak. (AAP) Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 44 ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තම විශාලතම අභියෝගයට දැන් මුහුණ දී සිටින බවත් ප්‍රාන්ත වැසියන් නිවසේ රැඳී සිට lockdown නීති අනුගමනය නොකළහොත් ආසාදිතයින් තවත් ඉහළ යා හැකි බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ඊයේ දිනයේදී (08/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,152 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 21,609 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now