SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය නිව් සවුත්වේල්ස් ප්‍රන්තයේ, දුර්වලම ආර්ථිකය බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ : CommSec ආර්ථික වර්ගීකරණ වාර්තාව පෙන්වාදෙයි.(SBS සිංහල /වාර්තා)

CommSec නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ඕස්ට්‍රේලියාවේ ශක්තිමත්ම ආර්ථිකය නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය සතු බවත් දුර්වලම ආර්ථිකය බටහිර ඕස්ට්‍රේලියානු ආර්ථිකය බවත් පේනවා දී තිබේ.

A sunset view from the Sydney Tower Eye
Source: AAP

2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරටරි හී  ආර්ථිකයන් පිළිබද විමසා බලමින් CommSec ආයතනය නිකුත් කල නවතම වාර්තාවට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරියෙන් සිටින බව සදහන්. මෙම වර්ගීකරණයට අනුව පසුගිය වසර දෙක පුරාවට නිව් සවුත් වේල්ස්  ප්‍රාන්තය ආර්ථික වර්ධනය අතින් අනෙක් ප්‍රාන්ත වලට වඩා  ඉදිරියෙන් සිටින බව සදහන්. ව්‍යාපාර සදහා ආයෝජනය, වෙළද කේෂ්ත්‍රය සහ නිවාස ඉදිකිරීම් යන අංශ වල වර්ධනය ප්‍රාන්තයේ මෙම ආර්ථික සංවර්ධනයට මුලික හේතුව වී ඇති බව CommSec ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Craig James පවසයි.

 

මෙම වර්ගීකරණයට අනුව ආර්ථික වර්ධනය අතින් දෙවැනි ස්ථානය හිමිවී තිබෙන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයටයි. ජනගහන වර්ධනය, වෙළද අංශයේ වර්ධනය සහ ව්‍යාපාර ආයෝජනය හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත ආර්ථිකය සාර්ථක වී ඇති බව සදහන්. කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිකිරීම් සහ නිවාස වෙළද පොලේදී වික්ටෝරියානු ප්‍රාන්තයට වඩා  වැඩි වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සදහන්.  තවද වික්ටෝරියානු ප්‍රාන්තයේ දක්නට ලැබෙන සීග්‍ර ජනගහන වර්ධනයේ වැසි ඇතිවා  සේම එය අවධානම් සහගත තත්වයක් බව එම ප්‍රාන්තයේ භාණ්ඩාගාරික Tim Pallas පවසයි.

ACT (Australian Capital territory ) මෙම වර්ගීකරණයේ තුන්වැනි ස්ථානයේ සිටින අතර, නිවාස වෙළදපොල සහ වෙළද කේෂ්ත්‍රය ACT හි ආර්ථිකයේ ශක්තිමත් අංශ බව පත්ව තිබේ.

 

NT (Nothern Territory ) මෙම වර්ගීකරණය අනුව සිව්වැනි ස්ථානය හිමි කරගෙන අතර ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සහ Territory අතරින් හොඳම ආර්ථික වර්ධන වේගය පෙන්නුම් කරන්නේ NT බව සදහන්. ඉදිකිරීම් සහ රැකියා අවස්ථා NT ආර්ථිකයේ ශක්තිමත් අංශ බව සදහන්. කෙසේ නමුත් NT හි ජනගහන වර්ධනයේ අඩුවක් පෙන්නුම් කරන බැවින් එය එම කලාපයට අභියෝගයක් වනු ඇති බව ආර්ථික විශේෂඥ මතය වී තිබේ.

 

CommSec මෙම ආර්ථික වර්ගීකරණයට අනුව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට පස්වැනි ස්ථානයත් හයවැනි ස්ථානය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයටත් හිමිව තිබේ. තවද කෘෂිකාර්මික කටයුතු සහ සංචාරක කර්මාන්තය එළබෙන මාස  කීපයේදී ක්වීන්ස්ලන්ත ආර්ථිකය තවත් වර්ධනය කරනු ඇති බව ආර්ථික විද්‍යාඥ Craig James පවසයි.

ටස්මේනියා ප්‍රාන්තයට මෙම ආර්ථික වර්ගීකරණයේ හත්වැනි ස්ථානය හිමිව ඇති අතර, වසරක පහකින් එම ප්‍රාන්තයේ වැඩිම ජනගහන වර්ධනය මේ වන විට පෙන්නුම කරන බව මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මෙම වර්ගීකරණයට අනුව මේ වන විට ඕස්ට්‍රේලියාවේ දුර්වලම ආර්ථිකය බවට පත්ව ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ආර්ථිකයයි. කැනීම කර්මාන්තය ආශ්‍රිත ඉදිකිරීම් වල බිද වැටීම මිට ප්‍රධාන හේතුව බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now