SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි අවධානම වර්ධනය වෙයි

Bushfire warning Australia
Total fire ban Source: Getty Images

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල මේ සති අන්තයෙදී (30/11 - 01/12) බලාපොරොත්තු විය හැකි උණුසුම් හා සුළං අධික කාළගුණ තත්වයන් හේතුවේන් ලැව් ගිනි සම්බන්ධව නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවය නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙයි.

මෙසේ මෙම සති අන්තයෙදී මෙවැනි උණුසුම් හා සුළං අධික කාළගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි අවස්ථාවේදී ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා මෙතෙක් සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට නොහැකි වූ ලැව් ගිනි ස්ථාන 150ක් පමන තිබෙන බව වාර්තා වෙයි.

ප්‍රාන්තයේ ගිනිකොන දෙසට පිහිටා ඇති Tallaganda ජාතික උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයට "watch and act" හෙවත් විමසිලිමත්ව සිට අවශ්‍ය පරිදි ක්‍රියා කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එසේම අද දිනයේදී (29/11) Monaro Alpine, Southern Ranges, Central Ranges, North Western සහ Southern Slopes යන ලැව් ගිනි ඇති විය හැකි කලාප තුල සියළුම ගිනි ආශ්‍රිත කටයුතු තහනම් කර තිබෙයි.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now