SKIP TO MAIN CONTENT

කොරෝනා නීති කඩ කල බවට වන චෝදනා NSW ප්‍රාන්ත අගමැතිනිය ප්‍රතික්ෂේප කරයි, ප්‍රාන්තයේ කොරෝනා සීමාත් ලිහිල් වේ

NSW Premier Gladys Berejiklian is set to announce a further easing of restrictions.
NSW Premier Gladys Berejiklian is set to announce a further easing of restrictions. Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

කොරෝනා පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තුරු නිසි හුදෙකලා කාලසීමාවකට යටත් නොවූ බවට එල්ල වන චෝදනා NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රතික්ෂේප කොට තිබේ. ඇය පරීක්ෂණයට බදුන් වීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබීමට පෙර පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශිකාවක් සඳහන් කොට සිටියේ පූර්වාරක්ෂාව සඳහා මෙම පරීක්ෂණය සිදු කල අතර අග්‍රාමාත්‍යවරියට කිසිදු කොරෝනා රෝගලක්ෂණයක් ඒ වන විට නොපැවතිය බවයි.

මේ අතර NSW ප්‍රාන්තය සිය කොරෝනා සීමා තවදුරටත් ලිහිල් කිරීමටද පියවර ගෙන තිබේ.මේ අනුව එළිමහන් ආගමික උත්සව සඳහා පුද්ගලයින් 500 දෙනෙකු දක්වාත්, එළිමහන් ප්‍රසංග සඳහා පුද්ගලයින් 3.000 ක් දක්වාත් සහ එළිමහන් කැරොල් ගායනා සඳහ පුද්ගලයින් 30 දෙනෙකු දක්වාත් අවසර හිමි වේ.

එමෙන්ම තම ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි වාර්තා තබාගැනීම සඳහා සියලු ව්‍යාපාර QR කේත භාවිත කිරීම අනිවාර්ය වන අතර මෙම වාර්තා තබා ගැනීම සඳහා ලේඛන භාවිත කිරීම අනුමත නොකෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian සඳහන් කරන්නේ හදිසි අවශ්‍යතාවයක් වාර්තා නොවුන හොත් උත්සව සමය ඉලක්ක කරමින්, ඉදිරි දින කිහිපයේදී තවදුරටත් ප්‍රාන්තය තුල කොරෝනා සීමා ලිහිල් කරන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now