SKIP TO MAIN CONTENT

ත්‍රස්තවාදය පැතිරවීමට උත්සහ කළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තරුණයෙකු අත්අඩංගුවට

A teenager from Albury has been arrested by the NSW Joint Counter Terrorism Team and is expected to be charged with terrorism-related offences.
A teenager from Albury has been arrested by the NSW Joint Counter Terrorism Team and is expected to be charged with terrorism-related offences. Source: Australian Federal Police

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ත්‍රස්තවාදය පැතිරවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඔල්බරි ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කණ්ඩායමේ පරීක්ෂණවලින් පසුව ඊයේ දිනයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා අන්ත දක්ෂිනාංශික මතවාදයක් ඇති පුද්ගලයෙකු වන අතර නව නාසි මතවාද, සුදු අධිපතිවාදය සහ යුදෙව් විරෝධී මතවාද කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ අන්තර්ජාලය හරහා ඔහුගේ අනතවාදී හැසිරීම වැඩිවීම නිරීක්ෂණය කිරීමෙන් පසුව බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියේ සහකාර කොමසාරිස් ස්කොට් ලී පවසා සිටී.

මේ අතර ඕස්ට්‍රේලියාවේ මේ වන විට වර්දනය වෙමින් පවතින අන්තවාදයේ තර්ජනය පිළිබඳ පරීක්ෂණයකට මධ්‍යම රජය එකඟ වී තිබේ. මෙරට වර්ධනය වෙමින් පවත්නා දක්ෂිණාංශික අන්තවාදය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට වුනු මධ්‍යම රාජයේ කම්කරු පක්ෂයේ ඉල්ලීම ද සලකා බලමින් ආණ්ඩු පක්ෂය මෙයට එකඟතාව පලකොට ඇත.

මේ අනුව පාර්ලිමේන්තු බුද්ධි හා ආරක්ෂක කමිටුව විසින් මෙරට ක්‍රියාත්මක සියලුම ආකාරයේ අන්තවාදී මත වල ස්වභාවය, ප්‍රමාණය හා තර්ජනය විමර්ශනය කරනු ඇත


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now