SKIP TO MAIN CONTENT

Nutella වල පිළිකා කාරක? එක්සත් රාජධානියෙන් අනතුරු ඇඟවීමක්.

Nutella maker fights back against fears over cancer
Source: Getty

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ලොව පුරා ප්‍රකට hazelnut සහ chocolate මිශ්‍ර ආහාරයක් වන Nutella සඳහා යොදා ගන්නා පාම් තෙල් වල පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බව වාර්තා වේ.

යුරෝපා ආහාර ප්‍රමිති අධිකාරිය විසින් පසුගිය මැයි මාසයේදී Nutella සඳහා යොදා ගන්නා තෙල්වල අපවිත්‍රකාරක ද්‍රව්‍ය අඩංගු බවත් ඒවා පිළිකා සඳහා හේතුවන බවටත් එහි නිෂ්පාදන සමාගම වන Ferrero සමාගමට අනතුරු අඟවා තිබේ.

එදිනෙදා ගෙදරදොරේ භාවිතා කරන ආහාර පාන සිය ගණනක පාම් තෙල් අඩංගුව ඇති නමුත් මෙහිදී Nutella සඳහා විශේෂ අවධානයක් යොමුව තිබේ.

මෙම හේතුව නිසා පාරිභෝගිකයින් පාම් තෙල් රහිත විකල්ප සෙවීම හේතුවෙන් 2016 අගෝස්තු වන විට එහි වෙළෙඳාම 3%කින් පහත බැස තිබුණි.

පසුගිය මැයි මාසයේදී එක්සත් රාජධානියේ විශාලතම සුපිරි වෙළෙඳ සැල් ජාලය වන Coop ජාලය, පූර්වාරක්ෂාව උදෙසා Nutella හැර පාම් තෙල් අඩංගු නිෂ්පාදන 200ක් තම සුපිරි වෙළෙඳ සැල් වලින් ඉවත් කළේය.

මෙම සිදුවීම හේතුවෙන්, තම නිෂ්පාදනය සෞඛ්‍යාරක්ෂිත බව පාරිභෝගිකයින්ට ඒත්තු ගැන්වීම උදෙසා Ferrero සමාගම විසින් වෙළෙඳ ප්‍රචාරක ව්‍යාපෘතියක් ද දියත් කර තිබේ.

Nutella සඳහා පාම් තෙල් යොදා ගැනීමට හේතුව වියදම් අඩු කරගැනීම නොව ගුණාත්මක බව පවත්වාගැනීම බව Ferrero සමාගම අවධාරණය කර සිටියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now